ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල පාරිසරික සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි
3:59pm on Wednesday 2nd September 2020
පසුගිය අගෝස්තු මස 20 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසෙල් අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් එම්පීඒ මහවත්තගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාරිසරික සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසෙල්දී පවත්වන ලදී.

මෙම වැඩසටහන පරිසර අධ්‍යයන පිළිබඳ ප්‍රවීණ සංරක්ෂණ නිලධාරීනියක වන ගම්පහ දිස්ත්‍රික් වන සංරක්ෂණ නිලධාරී දේවානි ජයතිලක මහත්මිය විසින් මෙහෙයවන ලදී. ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ශාක විශේෂ පිළිබඳව සේවා පුද්ගලයින් හට දැනුම ලබා දීම සහ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම වැඩසටහන පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි