ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
4:03pm on Wednesday 2nd September 2020
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් බලලත් නිලධාරි එම්ඩබ්ලිව්ඩීඑස් සිල්වා ශාරීරික පුහුණු උපදේශක හට ප‍්‍රදානය කිරීම  2020 අගෝසතු මස 22 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් කිරිබත්ගොඩ ප‍්‍රදේශයේදි සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර ගුවන් හමුදා කටුනායක හා ඒකළ සිවිල් ඉංජිනේරු පක්‍ෂාංග මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

ශ‍්‍ර‍්‍රී ලංකා ගුවන් හමුදා ඒකළ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ එම්පීඒ මහවත්තගේ නිළධාරිතුමන් ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි