ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් රේඛාවේ නිරීක්‍ෂණ මෙහෙයුම් පුළුල් කෙරේ
7:27am on Thursday 3rd September 2020
දකුණු ආසියානු කලාපයේ ඇතිවී තිබෙන කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ජාත්‍යන්තර සමුද්‍රීය මායිම් රේඛාව හරහා සිදුකරනු ලබන තීව‍්‍ර වී ඇති නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාම සහ මුහුදු මාර්ග හරහා සිදුකරනු ලබන නීතිවිරෝධී සංක‍්‍රමණ කටයුතු හඳුනාගැනීම සඳහා ගුවන් හමුදාව විසින් සිදුකරන ලබන නිරීක්‍ෂණ මෙහෙයුම් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි තවදුරටත් පුළුල් කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිවා කාලයේ සහ රාත‍්‍රී කාලයේදී සතියක් තුළ සිදු කරනු ලබන නිරීක්‍ෂණ මෙහෙයුම් ප‍්‍රමාණය වැඩිකරමින් නිරීක්‍ෂණය කිරීමේ කටයුතු පුළුල් කිරීම සිදුකරනු ලබයි.

මෙම මෙහෙයුම් සඳහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් අංක 8 සැහැල්ලූ ප‍්‍රවාහන බලඝණයේ සහ අංක 3 සමුද්‍රීය බලඝණයේ පිළිවෙලින් වයි-12 සහ බීච් කිංග් ගුවන් යානා සහ අංක 7 බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටර් යානා භාවිතා කරන ලදී. මෙම මෙහයුම් වලට අමතරව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන ලද ඉල්ලීම් වලට අනුව ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර සමුදී‍්‍රය මායිම් සීමාවන්ට ගරු කරමින් ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ අනෙකුත් පාර්ශවයන් විසින්ද අමතර නිරීක්‍ෂණ මෙහෙයුම් දියත් කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි