කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයෙන් කටාන වැඩිහිටි නිවාසයේ ප‍්‍රජා සත්කාරක වැඩ සටහනක්
12:26pm on Wednesday 16th September 2020
කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරෙහි 69 වන සංවත්සරය නිමෙත්තෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් කටාන වැඩිහිටි නිවාසයේ ප‍්‍රජා සත්කාරක වැඩ සටහනක් 2020 සැප්තැම්බර් මස 03 වන දින පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත කටුනායක ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය භාර විංග් කමාන්ඩර් කේඩීඑස් ගුණවර්ධන විසින් සංවිධානය කරන ලදී. වැඩසටහන අතරතුර නිළධාරීන්ගේ සහ අනෙකුත් නිළයන්ගේ සහභාගීත්වයෙන් වැඩිහිටියන් සඳහා ත්‍යාග පිරි නැමීම, දිවා ආහාරය ලබාදීම සහ සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා සහ කටුනාය ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී රසිකා තුයියකොන්තා මහත්මියද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි