අංක 29 ආපදා කළමනාකරණ පළමු ප‍්‍රතිචාර පාඨමාලාව නිමාවෙයි
1:07pm on Wednesday 16th September 2020
අංක 29 ආපදා කළමනාකරණ පළමු ප‍්‍රතිචාර පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රධානය කිරීමේ උත්සවය 2020 සැප්තැම්බර් මස 07 වන දින ඒකළ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පැවැත්විණි.

ඒකළ ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අණදෙන නිළධාරී එයාර් කොමර්ඩෝ එම්පීඒ මහවත්තගේ මහතා ප‍්‍රධාන ආරධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිළධාරී වින්ග් කමාණ්ඩර් එස්ඩීඩීජේ රණසිංහ නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

දින හතලිහක පමණ කාළයක් මුළුල්ලේ පැවැත්වුණු මෙම පාඨමාළාව තුලින් ආපදා සහ උපද්‍රවල ආපදා කළමනාකරණ සභාවල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පනත සහ කාර්යභාරය ,ආපදා අවදානම් අවම කිරීම පිළිබඳ දළ විශ්ලේෂණය ,උපද්‍රව සහ අවදානම තක්සේරු කිරීම, ආපදා කළමනාකරණයට අදාළ තොරතුරු තාක්ෂණය සහ රසායනික ජීව විද්යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය භූගෝලීය තොරතුරු පද්ධතිය මානුෂීය ආධාර හා ආපදා ප්‍රතිචාර  සහ ආපදා කළමනාකරණයේ ජාත්‍යන්තර කාර්ය භාරය ආපදා පෙර සූදානම සැලසුම් හදිසි ප්‍රතිචාරයට අදාළ සිවිල් නීතිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හදිසි සැලසුම් සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය ප‍්‍රථමාධාර තුවාල හා මරණ කළමනාකරණය ගිනිනිවීම හා බේරා ගැනීම පිළිබඳව හදාරන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි