ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් විශේෂ පරිත්‍යාගයන් රැසක්
12:14pm on Friday 18th September 2020
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය සැප්තැම්බර් මස 11 දින ගිරිඋල්ල කටුගම්පල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා විශේෂ පරිත්‍යාගයන් රැසක් පිරිනමන ලදී.

පාසල් පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු භටයන් විසින් මිරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එන්කේ තනිපුලියාර්චිගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ නිම කරන ලදී.

මෙම අවස්ථාවට අත්‍යවශ්‍ය පුස්තකාල පොත් සංගීත භාණ්ඩ පාසල් දරුවන්ට භාර දෙන ලදී. මීරිගම ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී ,නිලධාරීන්, සෙසු නිලයන් සහ සේවා වනිතා ඒකකයේ නියෝජිතයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි