ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර
10:04pm on Sunday 4th October 2020
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය 2020 සැප්තැම්බර් මස 18 වන දින පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් එච්එස්එස් තුයියාකොන්තා විසින් අණදෙනු ලැබූ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. එක් ප‍්‍රධාන බලලත් නිළධාරියෙකු බලලත් නිළධාරීන් 05 දෙනෙකු ජ්‍යෙෂ්ඨ අණ නොලත් නිළධාරීන් 03 දෙනෙකු කණිෂ්ඨ අණ නොලත් නිළධාරීන් 04 නායක ගුවන් භටයින් 01 හට ඔවුන් ඉටුකරන ලද කාර්යයන් වෙනුවෙන් ගුවන් හමුදාධිපති ඇගයීම් සහතික පිරිනමන ලදී.

පරීක්‍ෂණය අතරතුර ගුවන් හමුදාධිපති තුමන් කඳවුරේ සියලුම ප්‍රදේශ නිරීක්ෂනය කළ අතර කටුනායක ගුවන් හමුදා රෝහලේ අලුතින් ඉදිකරන ලද රක්තපාත ඒකකය සහ විශ්‍රාමික නිලධාරීන් සහ වෙනත් නිලයන් සඳහා වන වාට්ටු සංකීර්ණය ද විවෘත කරන ලදී.  ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම නව රක්තපාත ඒකකයේ ක්‍රියාකාරිත්වය සඳහා අත්‍යවශ්‍ය වන ජල පවිත්‍රාගාරයක් ඉදිකිරීම  සඳහා දායක වූ අතර මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ශල්‍ය වෛද්‍ය රියර් අද්මිරාල් ජීඑස්ආර් ජයවර්ධන මහතා ද සහභාගී විය.

අවසාන වශයෙන් ගුවන් හමුදාධිපති තුමන්  කඳවුරේ සියලුම පිරිස් ඇමතූ අතර එහිදී අපේ රටේ විශාලතම ගුවන් කඳවුර සුවිශේෂී ලෙස ඉහළ ප්‍රමිතියකට පවත්වාගෙන යාමට ඔවුන් දැරූ වෙහෙස වෙනුවෙන් සිය ස්තූතිය පුදකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි