ගුවන් පාපැදි ශූරයෝ
3:20pm on Tuesday 11th January 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කරුවන් විසින් නෙත් FM සමස්ථ ලංකා  පාපැදි සවාරියේ සියළු ගෞරව දින ගැනීමට සමත් විය.

2011 ජනවාරි 08 වන දින  පැවති පාපැදි තරගයට සහභාගී වූ තරගකරුවන්ට කිලෝ මීටර් 122 දුරක් ගෙවා, එනම් කුරුණෑගල සිට ආනමඩුවට ගොස් නැවත කුරුණෑගලට පැමිණිය යුතු විය. කුරුණෑගල නගරාධිපති නිමල් චන්ද්‍රසිරි ද සිල්වා මහතා තරගය ආරම්භ කරන ලදී.

ප්‍රධාන තරගයේදී දිවයිනේ සිටින හොදම පාපැදි කරුවන් 30නා සහභාගී වන ලදී. එහිදී ගුවන් හමුදාවේ සුජිත් සිල්වා අනෙක් තරග කරුවන් අභිබවමින් ප්‍රථම ස්තානය දින ගන්නා ලදී. තවද ඉසුරු ප්‍රභාත් සහ බුද්ධික වර්ණකුලසූරිය පිළිවෙලින් 09 වන සහ 11 වන ස්ථාන දිනා ගැනීමට සමත් විය.

දෙවන තරගය සදා ගුවන් හමුදා ක්‍රීඩකයින් 15ක් ඇතුලු පාපැදි කරුවන් 96ක් සහභාගී විය. එහිදී ගුවන් හමුදාව නියෝජනය කල නාලක අබේසිංහ සහ සමන්ත ලක්මාල් පිළිවෙලින් ප්‍රථම සහ දෙවන ස්ථාන දිනා ගනිමින් දක්ෂතා දක්වන ලදී.


Samantha Lakmal - 2nd place of B Division Race

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි