කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
4:50pm on Monday 12th October 2020
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින්  2020 සැප්තැම්බර් මස 23 දින සිදු කරන ලදී.කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බුද්ධික පියසිරි විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු පරිශ‍්‍රය වෙත පිළිගන්නා ලදී.

කඳවුරු පරීක්‍ෂණයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම ස්ථාන තම පරීක්‍ෂාවට ලක් කල අතර අලුතින් ඉදිකරන ලද කඳවුරැ අවි ගබඩාව සහ අලුත්වැඩියා කරන ලද කඳවුරැ ක්‍රීඩා අංශය විවෘත කරන ලදී.

පරීක්‍ෂණය අවසානයේ පහත සදහන් අයවලුන් හට කඳවුර වෙනුවෙන් සහ ගුවන් හමුදාවට සිදු කරන ලද විශිෂ්ට සේවාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කරන ලදී.

සැරයන් දේශපි‍්‍රය  එම්ඩීඅයි
සැරයන් සඳරුවන් එන්කේඑල්එච්
කෝප‍්‍රල් සම්පත්    බීවීඑස්

ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළධාරීන්,සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය අමතමින් පවසා සිටියේ කඳවුරු අණදෙන නිළධාරීතුමාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ රාජකාරිය ඉතා හොඳින් සිදු කරන බවට ප්‍රශංසා කළේය. අවසාන වශයෙන් ඉහළ මට්ටමේ විනයක් පවත්වා ගැනීම සියළුම සේවා නිලධාරීන්ගේ යුතුකම හා වගකීම බව තමන් විශ්වාස කරන බව සිහිපත් කළ ගුවන් හමුදාධිපතිතුමන් මේ වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණය සාර්ථකව නිම කිරීම පිළිබඳව සුබ පතන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි