පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනයට ලක්වූ 100ක් සිය නිවෙස් කරා පිටත්කර හරියි
8:29am on Monday 19th October 2020
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පලාලි කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් වු සිවිල් පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව 2020 ඔක්තෝම්බර් මස 15 වන දින සිය නිවෙස් කරා පිටත්ව යන ලදී. මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව සිය නිවෙස් කරා පිටත්කර හරින ලද්දේ දකුණු කොරියාවේ සිට දිවයිනට පැමිණි ශ‍්‍රී ලාංකික පුරවැසියන් පිරිසකි. පලාලි ගුවන් හමුදා කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ක‍්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහනට සහය දැක්වීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි ස්ථාපිත කරන ලද්දකි.

මෙහිදී නිරෝධායනයට ලක්වූ  පුද්ගලයින් 100 දෙනාම පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් දින 20 ක පමණ කාලයක් නිරෝධායන මධ්‍යස්ථානයේ සිය නිරෝධායන කටයුතු සිදුකරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත  නිරෝධායන කාල තුලදී නිරෝධායනට ලක්වු පුද්ගලයන් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුලදී  සපයා දීමට ගුවන් හමුදාව කටයුතු කරනු ලැබීය.

නිරෝධායනයට ලක්වූ පුද්ගලයින් හට තවත්දින 14 ක පමණ කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වීමට උපදෙස් දෙන ලදී. පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  ඩබ් ආර් ද සොයිසා ඇතුලු කාර්ය මණ්ඩලයේ අධීක්‍ෂණය යටතේ මෙම පිරිස නිරෝධායනයට ලක් කෙරුණු අතර නිරෝධායන ක‍්‍රියාවලියෙන් අනතුරුව සිය නිවෙස් කරා පිටත් කර හැරීමට ගුවන් හමුදාව කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි