ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී
12:38pm on Tuesday 27th October 2020
තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ හා අතුරුදහන්වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සකි‍්‍රය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය සහ දානමය පුණ්‍ය කර්මය 2020 ඔක්තෝම්බර් මස 23 දින මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ මගපෙන්වීම හා අධීක්‍ෂණය යටතේ පැවැත්විණ. මෙම වැඩසටහන ගුවන් හමුදා සුභ සාධක අධ්‍යක්‍ෂකය මගින් නොකඩවා 10 වෙනි වරට සංවිධානය කරන ලදී.

මෙවර ආගමික උත්සවය ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ඒ සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරන මහතා සහ ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි