අංක 2 බර ප්‍රවාහන ගුවන් යානා බලඝණයේ නව ගුවන් යානා අංගන ගොඩනැගිල්ලක් විවෘත කෙරේ
6:09pm on Friday 30th October 2020
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බර ප්‍රවාහන ගුවන් යානා බලඝණයේ අලුතින් ඉදිකරන ලද නව ගුවන් යානා අංගන ගොඩනැගිල්ලක් 2020 ඔක්තෝබර් 25 දින ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා විසින් විවෘත කරන ලදී.

මෙම නව නව ගුවන් යානා අංගන ගොඩනැගිල්ල බලඝණයේ පෙර සැපයුම් ගබඩාව, නඩත්තු අංශය සහ බලඝණයේ ආපනශාලාව සඳහා ඉඩ පහසුකම් සපයයි. දිවයිනේ පවතින සෞඛ්‍ය තත්වය හේතුවෙන් සීමිත සහභාගීත්වයක් සහිතව මෙම විවෘත කිරීමේ අවස්ථාව පැවැත්විණි. කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අංක 2 බලඝණයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප‍්‍රදීල් පි‍්‍රයන්තළ අංක 2 බලඝණයේ නිළධාරීන් සහ අනෙකුත් නිළයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.

නව ගුවන් යානා අංගන ගොඩනැගිල්ල ඉදිකිරීම ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂෘංගය විසින් සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි