එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
6:11pm on Friday 30th October 2020
වසර 34 කට වැඩි කාලයක් රට ජාතිය හා ගුවන් හමුදාව වෙනුවෙන්  කැපවීමෙන් සේවය කළ එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 2020 ඔක්තෝම්බර් 26 වෙනි දින සේවයෙන් විශ‍්‍රාම යන ලදී.

එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ හට ගුවන් හමුදාධිපතිතුමන්ගේ කාර්යාලයේදී නිල සමුගැනීමක් සිදු කරන ලදී. එහිදී විශේෂයෙන් ජාතියට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කරන ලද කැපවීමෙන් හා විශිෂ්ට සේවාව පිළිබඳව ගුවන් හමුදාධිපතිතුමන් විසින් එයාර් වයිස් මාෂල් හේරත්ට ප්‍රශංසා කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපති තුමන් සහ එයාර් වයිස් මාෂල් හේරත් සමරු සිහිවටන හුවමාරුවක් සිදුකරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ 1986 වර්ෂයේ අංක 16 කැඩෙට් නිළධාරී පාඨමාලවේ කැඩෙට් නිළධාරියෙකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ අතර විශ‍්‍රාම යන අවස්ථාව වනවිට ගුවන් හමුදා නියෝජ්‍ය ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්‍ෂක ධූරය හෙබවීය.

වසර 34 කට අධික කීර්තිමත් හමුදා ජීවිතය තුළ එයාර් වයිස් මාර්ෂල් නිශේන්ද‍්‍ර අබේසිංහ හට උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම සහ සන්ධාරය, 50 වන නිදහස් සංවත්සර සැමරුම් පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම සහ සන්ධාරය, පූර්ණ භූමි පාදක්කම සහ රිවිරැස මෙහෙයුම් පදක්කම ප‍්‍රදානය කොට ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි