සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම්තුමන් හමුවෙයි
3:32pm on Wednesday 4th November 2020
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවීම 2020 ඔක්තෝම්බර් මස 29 වන දින උදෑසන අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී සිදු කළේය.

කෙටි පිළිසඳරකින් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා ආරක්‍සක ලේකම් තුමන් විසින් තමන් වෙත ලබාදුන් මඟ පෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ආරක්‍ෂක ලේකම්තුමන් හට සමරු සිහිටවනයක්ද ප්‍රදානය කළේය. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාද එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත සමරු සිහිවටනයක් පිරිනැමීම සිදුකරන ලදී. එසේම ඔහු ජාතිය වෙනුවෙන් කළ කැපවීම හා විශිෂ්ට සේවයට ප්‍රශංසා කළ අතර අනාගත සියලු ප්‍රයත්නයන්හි සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් සිය සුභාශිංසන එක්කරනලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි