සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් ගරු අග‍්‍රාමාත්‍යතුමන් හමුවෙයි
3:37pm on Wednesday 4th November 2020
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර ගරු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා හමුවීම 2020 ඔක්තෝම්බර් මස 29 වන දින උදෑසන අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කළේය.

කෙටි පිළිසඳරකින් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා, ගරු අග‍්‍රාමාත්‍යතුමන් විසින් තමන් වෙත ලබාදුන් මඟ පෙන්වීම සහ සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළ අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගරු අග‍්‍රාමාත්‍යතුමන් හට සමරු සිහිටවනයක්ද ප්‍රදානය කළේය. ගරු අග‍්‍රාමාත්‍යතුමන් ද එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත සමරු සිහිවටනයක් පිරිනැමීම සිදුකරන ලදී. එසේම ඔහු විසින් ඉටුකරන ලද සේවයට ප්‍රශංසා කළ අතර අනාගත සියලු ප්‍රයත්නයන්හි සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමින් සිය සුභාශිංසන එක්කරනලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි