ගංවතුරෙන් අවතැන් වූවන් වෙනුවෙන් ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා නොකඩවා පෙරට
5:35pm on Wednesday 12th January 2011
හදිසි ගංවතුර තත්වයෙන් පීඩාවට පත්වූ ජනයා වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ගුවන් මගින් වියලි ආහාර පාන ප්‍රවාහනය කිරීමේ කටයුතු නොකඩවා ගුවන් හමුදා එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් මේ වන විටත් සිදුකෙරෙමින් පවතී.

අවතැන් වූ ජනයාගේ පරිභෝජනය සදහා පසුගිය ජනවාරී මස 11 දින ගුවන් හමුදා චීන වරාය කදවුරෙන් ටොන් 5.2 අදික හාල්, පරිප්පු,පිටි, සීනී ඇතුලු වියලි ආහාර පොලොන්නරුව සෝමාවතීය ප්‍රදේශය වෙත ගුවන් මගින් බෙදා දීමෙන් අනතුරුව දිගින් දිගටම එවැනිම අත්‍යවශ්‍ය වියලි ආහාර ටොන් 9.7 ප්‍රමානයක් එම ප්‍රදේශයේම අවතැන් වූ ජනතාව හට සෝමාවතී බාලිකා දේවී විද්‍යාලයේදී බෙදා දෙන ලදී.

තවද ටොන් 2.8 අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් අද උදැසන එම් අයි 17 හෙලිකොප්ටර් යානා යොදාගනිමින් සෝමාවතී ප්‍රදේශය වෙත හිගුරක්ගොඩ කදවුරින් ගුවන් ගත කරන ලදී.

අවතැන් වූ ජනයා වෙත බෙදා දීමට නියමිත වියලි ආහාර ද්‍රව්‍ය රැසක් අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බෙදා දීමේ කටයුතු ඇණ සිට ඇති අතර කාලගුණ තත්වය යහපත් වූ විගස කඩිනමින් නැවතත් එම ආහාර බෙදා දීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හා සහන සේවා කණ්ඩායම් සූදානමින් සිටී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි