සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
3:42pm on Wednesday 4th November 2020
සේවයෙන් විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට පෙර නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවීම 2020 ඔක්තෝම්බර් මස 28 වන දින දහවල් නාවික හමුදා මූලස්ථානයේදී සිදු කළේය.

උත්තමාචාර පෙළපාලියක් මගින් ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදා මූලස්ථානයට පිළගන්නා ලදී. කෙටි පිළිසඳරකින් අනතුරුව එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හට සිය ධුර කාලය තුළ දී වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ලබා දුන් සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා දෙපාර්ෂවය අතර සමරු සිහිවටන හුවමාරු කර ගන්නා ලද අතර වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් ගුවන් හමුදාධිපතිතුමන් හට අනාගතය වෙනුවෙන් සිය සුභාශිංසන එක්කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි