ශ්‍රි ලංකා ගුවන් හමුදාවෙි 18 වන ගුවන් හමුදාධිපති තුමන් රාජකාරි අරඹයි
8:54am on Monday 30th November 2020
අතිගරු ජනාධිපති සේනාධිනායක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන්හමුදාවේ 18 වන ගුවන් හමුදාධිපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කරනු ලැබීය. නව ගුවන් හමුදාධිපති තුමන් 2020 නොවැමිබර් මස 03 වන දින සිය ධුරයේ රාජකාරි ආරමිභ කිරිම ගුවන් හමුදා මුලස්ථානයේදි සිදු විය.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන අතර 1985 වසරේ ජූලි මස 02 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙි අංක 14 වන කැඩෙට් නිළධාරී පාඨමාලාවට ආධුනික කැඩට් නිළතධාරියකු ලෙස බැදි ගුවන් හමුදා මූලික ගොඩබිම් සටන්පුහුණුව දියතලාව කදවුරේ දි සාර්ථකව හදාරා නිම කරන ලදි. එම පාඨමාලාවෙි දක‍ෂතම කැඩෙට් නිළධාරියාට  හිමි සම්මානයෙන්ද පිදුම් ලැබු එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පාකිස්ථාන ගුවන් හමුදාවේ උසස් ගුවන් නියමු පාඨමාලාව සඳහා තේරී පත්වුණු ශ‍්‍රී ලාංකික ගුවන් නියමු තිදෙනාගෙන් එක් අයෙකු විය.  ඔහු පාකිස්ථාන ගුවන් හමුදාව විසින් පිරිනමන දක‍ෂතම මිත්‍ර ගුවන් හමුදා කැඩෙට් නිළධාරියා  සම්මානයෙන් පිදුම් ලැබු අතර 1987 වසරේ ජනවාරි මස 2 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමු පොදු රාජකාරී ශාඛාවේ ගුවන් නියමුවකු ලෙස පාකිස්ථානු ගුවන් හමුදා ඇකඩමියේදි පයිලට් ඔෆිසර් නිළයේ අධිකාරීත්වයට පත්විය.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ 1987 වසරේදී අංක 3 සමුද්‍රීය බලඝණයේ නිරීක‍ෂණ ගුවන් යානා නියමුවෙකු ලෙස සිය මෙහෙයුම් ජීවිතය ආරම්භ කළ අතර 1989 වසරේදී අංක 2 බලඝණයේ වයි-12 ගුවන් යානා නියමුවෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය. එසේම මෙතුමන් 1990 වසරේදී අංක 5 බලඝණයේ එෆ් 7 බීඑස්  සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් ලෙස බදවා ගන්නා ලද පළමු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් සයදෙනා අතරටද ඇතුලත් විය.

1995 වසරේදී අංක 10 ප්‍රහාරක ජෙට් බලඝණයට අයත් කෆිර් ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු වශයෙන් සේවයට එක් වු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා බලඝණයන් ත්‍රිත්වයටම අණදෙමින් 2007 වසර දක්වාම කෆීර් ප්‍රහාරක ජෙට් බලඝණයේ අණදෙන නිළධාරියා වශයෙන් කටයුතු කරන ලදී.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සුදුසුකම්ලත් ප්‍රහාරක ගුවන් නියමුවෙකු නියමු උපදේශකයෙකු සහ ගුවන් යානා වර්ග 10 කට අධික සංඛ්‍යාවක් පියාසර කරමින් පියාසර පැය 3500 කට අධික පියාසර පැය ගණනක් වාර්ථා කර ඇති ක්‍රියාකාරී මෙහෙයුම් නියමුවෙකු වන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ”විධායක උපකරණ ශ්‍රේණිගත කිරීමේ පරීක‍ෂක”  සහ ”විධායක ගුවන් ආරක‍ෂන නිළධාරී”  යන තනතුරුද හොබවා ඇත. ඔහුගේ හමුදා පියාසර වෘත්තියට අමතරව වාණිජ ගුවන් යානා නියමු බලපත්‍රලාභියෙකුද  වන අතර ශ‍්‍රීර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පියාසර නියමු පරීක‍ෂකවරයෙක්ද වෙයි.

එසේම 2002 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි එක්සත් ජනපද ගුවන් හමුදා විශ්ව විද්‍යාලයේ ගුවන් අණ හා මාණ්ඩලික පාසලේ ගෞරවනීය පාඨමාලාවක් හැදෑරීමට සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමාහි ගුවන් විශ්ව විද්‍යාලය විසින් පිරිනමුන ලබන මෙහෙයුම් කලාව සහ විද්‍යාව පිළිබඳ කීර්තිමත් ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් පළමු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිළධාරියා බටව පත්වීමේ ගෞරවය හිමකරගනු ලැබීය.

2004 වසරේදී සිය දෙවන ශාස්ත්‍රපති උපාධිය ලෙස ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක‍ෂක විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන ශාස්ත්‍රපති උපාධිය සාර්ථකව හදාරා නිමකරන මෙතුමන් එහිදී සිය විශිෂ්ඨත්වය නැවත වරක් ඔප්පු කොට පෙන්වමින් කුසලතා අනුපිළිවෙල අනුව ප්‍රථමයා බවට පත්විය. එසේම 2007 වසරේ සිට 2009 දක්වා රුසියානු සමූහාන්ඩුවේ ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ පළමු ආරක‍ෂක නියෝජිත තනතුර  හෙබවු අතර යුක්රේන විශ්ව විද්‍යාලයේ ගුවන් ක්ෂේත්‍ර කළමනාකරණ ඩිප්ලෝමාවද සම්පූර්ණ කරන ලදී. ඉන් අනතුරුව 2009 වසරේ සිට 2011 දක්වා රාජ්‍ය ආරක‍ෂක අමාත්‍යාංශයේ නියෝජ්‍ය හමුදා සම්බන්ධතා නිළධාරී වශයෙන් කටයුතු කරන ලදී.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ 2011 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ජාතික ආරක‍ෂක විද්‍යාලයට ඇතුළත්වූ අතර එහිදී "ndc" යන ගෞරව නාමය හිමිකර ගන්නා ලදී. එසේම 2012 වසරේදී චෙන්නායි විශ්ව විද්‍යාලයේදී දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරන ලදි. ඇමරිකා එක්සත් ජනපදයේ හවායි හි ආසියානු පැසිෆික් ක්‍රමෝපායික අධ්‍යයන ආදි සිසුවෙක්ද වන එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ 2011 වසරේ දෙසැම්බර් මසදී චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පීඨාධිපති වශයෙන් පත්වු අතර රත්මලාන සහ කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරු ද්විත්වයේ අණදෙන නිළධාරිවරයා වශයෙන්ද කටයුතු කරනලදී. එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් අධ්‍යක‍ෂක ලෙසද අනතුරුව ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත්වු අතර ගුවන් හමුදාධිපති තනතුරට පත්වන තෙක්ම එම ධුරයේ කටයුතු කරන ලදි.

කෆිර් ප්‍රහාරක ගුවන් යානා නියමුවකු වශයෙන් මානුෂිය මෙහෙයුමෙිදි ත්‍රස්තවාදින්ගේ මරමස්ථාන වෙත සාර්ථකව ගුවන් ප්‍රහාර එල්ල කිරිම සදහා සක්‍රිය දායකත්වය ලබා දී ඇති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අවස්ථා 08කදි වීරෝධාර පදක්කම් ප්‍රදානය කිරීම තුළින් ඔහුගේ නිර්භීතභාවය ඇගයීමට ලක්කොට තිබේ. එනමි වීර වික්‍රම විභූෂණය දෙවරක් රණ වික්‍රම පදක්කම දෙවරක් සහ රණ ශූර පදක්කම සිවිවරක්  වශයෙනි තවද ඔහුගේ නිකැලැල් සේවය අගයනු වස් විශිෂ්ඨ සේවා විභූෂණය සහ උත්තමසේවා පදක්කමෙන්ද පිදුමි ලබා ඇත.

එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මලල ක්‍රීඩා සංචිතයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාවේ දියුණුව උදෙසාද මහඟු සේවයක් ඉටුකොට ඇති අතර වර්ථමානයේ ගුවන් හමුදා ගෝල්ෆ් සංචිතයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. අදවන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨතම ප්‍රහාරක ගුවන් නියමුවා ලෙස සහ සුදුසුකම්ලත් ජ්‍යේෂ්ඨ ගුවන් යානා පියාසර පුහුණු උපදේශක වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ නිකැලැල් වෘත්තීය වාර්ථාවක් තබා ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි