ගුවන් හමුදාධිපතිිතුමන් ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැද පුදා ගනී
8:43am on Friday 15th January 2021
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සිය නව පත්වීමට ආශිර්වාද පතා 2020 නොවැම්බර් මස 08 වන දින පූජනීය අනුරාධපුර ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැද පුදා ගන්නා ලදි.

අනතුරුව එතුමන් විසින් රුවන්වැලි මහා සෑය වන්දනා කොට රුවන්වැලි මහ සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමි හමුවිය.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාපතිතුමන් සමග එතුමන්ගේ පවුලේ සාමාජිකයන් මෙන්ම ගුවන් හමුදා නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි