විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් හට ගුවන් හමුදාධිපති වී වසර 50 සපිරීම නිමිත්තෙන් උපහාර පිදීමක්
10:35am on Wednesday 5th May 2021
”පැඞී මෙන්ඩිස්” යන නමින් හඳුන්වනු ලබන විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප‍්‍රසාද මෙන්ඩිස් FBIM, idc, psc, qfi  මහතා 1933 වසරේ ජනවාරි මස 24 වන දින උපත ලැබීය. අභිනවයෙන් ස්ථාපිත කල රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස 1951 වසරේ අගෝස්තු මස 08 වන දින එක්වන ලද අතර අනතුරුව, කැඩෙට් නිළධාරී මෙන්ඩිස් බි‍්‍රතාන්‍යයේ ක‍්‍රෑන්වෙල්හි කීර්තිමත් රාජකීය ගුවන් හමුදා පුහුණු පාසල වෙත පුහුණුවීම් සඳහා පිටත් කර හරින ලදී. 1959 වසරේදී එවකට ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් මෙන්ඩිස් පියාසර උපදේශක පුහුණුවීම් සඳහා ග්ලොස්ටර්ෂයර් ප‍්‍රදේශයේ පිහිටි ලිට්ල් රයිසින්ටන් රාජකීය ගුවන් හමුදා මධ්‍යම පියාසර පුහුණු පාසලට පිටත් කර හරින ලදී. ඔහු සුදුසුකම් ලත් පියාසර උපදේශකයෙකු ලෙස පුහුණුව ලැබූ පළමු ලාංකිකයා විය.

එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා පයිලට් ඔෆිසර් නිළයේ සිට එයාර් කොමඩෝර් නිළය දක්වා ස්ථාවර ප‍්‍රගතියක් පෙන්නුම් කරමින්, මීට වසර 50 කට පමණ පෙර 1971 වසරේ ජනවාරි මස 01 වන දින  රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත්විය. එතුමන්, රාජකීය ලංකා ගුවන් හමුදාවේ වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් එම හමුදාවේම ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත්වූ පළමු ලාංකික නිලධාරියාද වෙයි. 1972 වසරේදී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව එහි නාමය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලෙසින් එයට අයත් වූ සියළු ලාංඡුනද සමගින් වෙනස් කරන ලද අතර එයාර් වයිස් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපතිවරයා බවට පත්විය.

මෙම සාඩම්බර උරුමයන් සිත්හි රඳවාගනිමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ  උපදෙස් මත 2021 ජනවාරි මස 01 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරයේදී විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා වෙනුවෙන් විශේෂ උපහාර පිදීමක් සංවිධානය කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ බලඝණය විසිින් විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා වෙත උත්තමාචාර පෙළපාලියක් මගින් උත්තමාචාර පිදීමෙන් අනතුරුව වැඩසටහන අරම්භ කරන ලදී. එතුමන් කැඳවාගෙන ඒම එයාර් වයිස් මාර්ෂල් ආර්පී ලියනගමගේ සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල්සී දිසානායක විසින්  සිදු කරන ලදී. අනතුරුව විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් මෙන්ඩිස් මහතා හිටපු ගුවන් හමුදාධිපතිවරුන්ගේ ඡුායාරූප ගැලරිය වෙත කඳවාගෙන යන ලද අතර එහිදී එතුමන් විසින් විශේෂ ඡුායාරූපයක් නිරාවරණය කරන ලදී. මෙම අවස්ථාවට ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ඉන් අනතුරුව, ගුවන් හමුදා කෞතුකාගාරයේ ප‍්‍රධාන ගුවන් යානා අංගනයේ  පැවැත්වූ උපහාර උත්සවයේ ඉදිරි වැඩසටහන සඳහා විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා සියළුම ආරාධිත අමුත්තන් සමගින් සහභාගී වන ලදී. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එල්සී දිසානායක මහතා විසින් සිදුකරන ලද නිළ පිළිගැනීමේ කථාවෙන් අනතුරුව විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා සංවත්සර කේක් කැපීම සිදුකරන ලද අතර ඒ සඳහා ගෞරවනීය ආරාධිත අමුත්තා, හිටපු ගුවන් හමුදාධිපතිවරුන් සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී වූහ.

ගෞරවනීය ආරාධිත අමුත්තා ගරු ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් විශේෂ දේශනය පවත්වමින් මෙම ෙඓතිහාසික සංධිස්ථානය කරා ලඟාවීම සම්බන්ධයෙන් අගය කරමින් විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා හට සිය සුභාශිංසන එක් කරන ලදී.

අනතුරුව විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා හට ගුවන් හමුදා චාරිත‍්‍රානුකූලව කඩුවක අනුරුවක් සහිත සිහිවටනයක් සහ තවත් විශේෂ සිහිවටනයක් ගෞරවනීය ආරාධිත අමුත්තා වූ ගරු ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් පිළිගන්වන ලදී. විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා සභාව අමතමින් ඔහු ගුවන් හමුදාවේ සේවය කල කාලවකවානුවේ සුන්දර සිදුවීම් ගෙනහැරපාමින් පේ‍්‍රක්‍ෂකයින් එම කලාවකවානුව වෙත කඳවාගෙන ගියේය. එසේම තමන් වෙත ගෞරව දැක්වීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කරන ලද ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙතද සිය කෘතඥතාව පළකළේය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා අවසාන දේශනය පවත්වමින් විශ‍්‍රාමික එයාර් චීෆ් මාර්ෂල් පීඑච් මෙන්ඩිස් මහතා රාජකීය ලංකා ගුවන් හමුදාවේ මෙන්ම අභිනවයෙන් නම්කරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපතිවරයාද වීම, එතුමන්ගේ සුවිශේෂී හැරවුම් ලක්ෂය බව අවධාරණය කළේය. ගුවන් හමුදාධිපතිතුමන්ගේ ස්තුති කථාවෙන් අනතුරුව උත්සවයේ වැඩසටහන් අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි