ගුවන් හමුදා වර්ණ ප්‍රධානෝත්සවය වර්ණවත් ලෙස නිමා විය
8:03pm on Friday 14th January 2011
සැරයන් ප්‍රියදර්ශණ 2009 වර්ෂය සදහා දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගනී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා වර්ණ ප්‍රධානෝත්සවය ඊයේ (13) දින ඉතා වර්නවත් අන්දමින් වෝටර්ස් ඒජ් හෝටලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලකගේ හා ගුවන් හමුදා කළමනාකරන මඩුල්ල ඇතුලු උසස් නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී විවිද ක්‍රීඩා ඉසව් 26 න් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 268 දෙනෙකු මෙසේ වර්නයන් වලින් පිදුම් ලැබූ අතර විෂේශිත වූ කුසලාන 04 ද පිරිනැමුනු අතර ඉන් 2009 වර්ෂය සදහා දක්ෂතම ක්‍රීඩකයාට හිමි වර්තරාසා කුසලානය සැරයන් ප්‍රියදර්ශන (පිහිනුම්) උත්සවයේ ප්‍රධාන ආරදිත අමුත්තා ලෙස පැමිනි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක අතින් ලබා ගත් අතර වසරේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි බලපන්ති ලුතිනන් ප්‍රියා අබේවීර ගුණවර්දන කුසලානය කෝප්‍රල් රස්නායක (මලල ක්‍රීඩා) හිමිකර ගන්නා ලදී.

වසරේ දක්ෂතම එයාර් වයිස් මාර්ෂල් ඩබ්.ඩී.එච්.එස්.ඩබ්. ගුනතිලක අනුශූරතා කුසලානය කෝප්‍රල් අබේකෝන් (වොලිබෝල්) විසින් ලබාගැනීමට සමත් වූ අතර දක්ෂතම අනුෂූර ක්‍රීඩිකාවට හිමි ගුවන් හමුදා ක්‍රීඩා මණ්ඩලයේ කුසලානය සැරයන් ප්‍රසාදික සමත් විය.2009 වසරේ වෙඩි තැබීමේ ඉසව්වෙන් පෙන්වූ විශේෂ දක්ෂතා හේතුවෙන් මෙම කුසලානය දිනා ගැනීමට සමත් විය.

2009 වසරේ නොමැකෙන මතක සටහන් එක්කල ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 ගෝල්ඩන් ඊගල් කුසලානයෙන් පිදුම් ලැබූ අතර එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය

ඔරු පැදීම ( පිරිමි )
ගුවන් භට ජයරත්න කේ.ජී

වෙඩි තැබීම (කාන්තා )
සැරයන් විජේරත්න ජී.ඒ.ජී.ඒ.ඩී

ගුවන් භට සමීර් එම්
මලල ක්‍රීඩා (පිරිමි )

මලල ක්‍රීඩා (කාන්තා )
කෝප්‍රල් රත්නායක

පාපැදි (පිරිමි )
ගුවන් භට සිල්වා පී.ජේ.එම්.ජේ

පාපන්දු (පිරිමි )
නායක ගුවන් භට රහීම් ටී.ආර්.ජී.

පිහිනුම් (පිරිමි )
සැරයන් ප්‍රියදර්ශන කේ.වී.එස්

මල්ලව පොර (පිරිමි )
නායක ගුවන් භට ලියනගේ ආර්. අයි

අත්පන්දු (පිරිමි )
කෝප්‍රල් අබේකෝන් ඒ.එම්.ටී.සී

අත්පන්දු (කාන්තා )
නායක ගුවන් කාන්තා ගුනරත්න කේ.එම්.එන්

බර ඉසිලීම (පිරිමි )
නායක ගුවන් භට සමරසේකර ආර්.එම්.ආර්.ආර්

බර ඉසිලීම (කාන්තා )
ගුවන් කාන්තා පේදුරුආරච්චි එස්.ඩී

බීච් වොලිබෝල් (පිරිමි )
සැරයන් සිල්වා ජී.බී.ඩී.ආර්

බීච් වොලිබෝල් (කාන්තා )
කෝප්‍රල් හේවගේ ඩී.ටී.එස්

බොක්සිං (පිරිමි )
කෝප්‍රල් පට්ටිආරච්චි ඩී.එස්

ජූඩෝ (කාන්තා )
ගුවන් කාන්තා විජේරත්න ඩී.ජී.සී.ඩී

කරාටේ (පිරිමි )
කෝප්‍රල් එඩ්වඩ් ආර්.ජේ

රග්බි (පිරිමි )
කෝප්‍රල් චන්දිමාල් සී

මේස පන්දු (පිරිමි )
කෝප්‍රල් සිරිසේන එම්.ජී.ආර්

ක්‍රීඩා අතින් කැපීපෙනෙන දස්කම් පෙන්වූ ගුවන් හමුදා කොළඹ කදවුර 2009 වසරේ ක්‍රීඩා අතින් කැපීපෙනෙන කදවුරට හිමි කුසලානය දිනා ගැනීමට සමත් වූ අතර 2009 වසරේ කැපීපෙනෙන කණ්ඩායමට හිමි වර්නන් රාජපක්ශ කුසලානය දිනා ගැනීමට ගුවන් හමුදා හොකී කණ්ඩායම සමත් විය.

වසරේ වඩාත් කැපීපෙනෙන ක්‍රීඩා පෞරුෂයට හිමි කුසලානය බළලත් නිලදාරී සී.එන්.එස් ස්ටේන්වල් දිනා ගැනීමට සමත් වූ අතර කෝප්‍රල් චන්දිමාල් සී එයර්‍ර චීෆ් මාර්ෂල් ඩබ්.ඩී.එච්.එස්.ඩබ්. ගුණතිලක කුසලානයෙන් හා වසරේ දක්ෂතම රගර් ක්‍රීඩයා ලෙසද පිදුම් ලැබීය





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි