ශි‍්‍ර ලංකා ගුවන් හමුදා MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය රිදි ජුබිය සමරයි
11:57am on Wednesday 5th May 2021
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 09 බලඝණයට අයත් MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණයට 2020 නොවැමිබර් මස 24 දිනට වසර 25 ක් සපිරෙනු ලැබිය. වර්ෂ 1972 දි  සෝවියටි රැසියාවෙිි නිෂ්පාදනය කර ශි‍්‍ර ලංකාවට ගෙන්වන් ලද මෙම ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් වශයෙන් මෙන්ම හදිසි අවස්ථාවන්හිදි පිරිස් හා භාන්ඩ ප‍්‍රවාහන කිරිමට යොදාගත හැකි බැවින් බහුකාර්්‍යය හෙලිකොප්ටර් යානාවක් ලෙස මෙය හැදින්විය හැක.

පාවෙන යුධ ටැංකිය නමින් විරුදාවලියලත් MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණය 1995 නොවැමිබර් මස 24 වන දින ගුවන් නියමුවන් 6 දෙනෙකුගෙන් හා ඉංජිනේරු කාර්්‍යය මණ්ඩල 26 දෙනෙකු සමග හෙලිකොප්ටර් යානා 03 කින් ආරමිභ කරන ලද අතර මෙම බලඝණයේ ප‍්‍රථම අණදෙන නිළධාරියා ලෙස ස්කොඩිරන් ලිඩර් ජගත් රොද්‍රිගු කටයුතු කරන ලදි.

ගුවන් හමුදා අංක 09 MI-24ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝනයේ ප‍්‍රථම අණදෙන නිළධාරියා වු විංග් කමාන්ඩර් රොද්‍රිගු 2001 වසරේ ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටින අවස්ථාවෙිදි ත‍්‍රස්ත‍්‍රාදින් විසින් ඔහුගේ හෙලිකොප්ටර් යානයට එල්ලකරන ලද මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙන්  යානය කඩා වැටි තම දේශයේ අනාගතය වෙනුවෙන් තම ජිවිතය පුජා කිරිමට සිදුවිය.

ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවෙි MI-24ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානය පියාසර කරන ලද පළමු ගුවන් නියමුවන් දෙදෙනාට හිමි ගෞරවය හිමි වන්නේ ද ස්කොඩිරන් ලිඩර් ජගත් රොද්‍රිගු සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන් තිලිණ කළුආරචිචිය යන නිළධාරි  දෙපලටය.  

අභිමානවත් දේශයක් ගොඩනැගිම සදහා මෙම සුවිශේෂි වසර 25 කාළය තුල අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා  බලඝණයේ සාමාජිකයින් 28 දෙනෙකු අප මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය සුරකිම සදහා තම ජිවිත පුජා කර ඇත. (ගුවන් නිමුවන් 11 දෙනෙක් ගුවන් යානා සාමාජිකයින් 15 ක් සහ කාර්මික ශිල්පින් 02 ක්) මෙම බලඝණය තවත් සුවිශේෂි කරුණක් නමි ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවෙිි සියළුම පියාසර බලඝනයන් අතුරින් වැඩිම ජිවිත පරිත්‍යගයන් සිදුකරනු ලැබු පියාසර බලඝණය ද අංක 09 MI-24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණයි.

අභිමානවත් වුත් පෞඩ වුත් ඉතිහාසයකට උරුමකමි කියනු ලබන අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණයේ සාමාජිකයින් විසින් රටෙි ඒකියභාවය සුරක්ෂිත කිරිමට වෙනුවෙන් තම ජිවිත කැපකළ තම සහෝදර ගුවන් විරුවන් සදා අනුස්මරණය කිරිම හිගුරක්ගොඩ ගුවන් හමුදා මුලික කදවුරේ රණවිරු ස්මාරකය අභියසදි 2020 නොවැම්බර් මස 25 වන දින සිදු කරන ලදි.

තම 25 වන සැමරුම අර්ථවත් කරමින් අංක 9 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානා බලඝණයේ සාමාජිකයින් විසින් හිගුරක්ගොඩ ගුවන් හමුදා මුලික කදවුරු පරිශ‍්‍රයේදි රුක්රෝපණ වැඩසටහනක් ද සංවිධානය කර තිබු අතර හිගුරක්ගොඩ බොසත් ධර්මපාල බාලක ළමා නිවාසයේ ළමුන් සදහා දානය පිළිගැන්විමද සිදුකරන ලදි

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි