ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු සහ නව ආරක්ෂක උපදේශකවරුන් ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
12:09pm on Wednesday 5th May 2021

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක ගෲප් කැප්ටන් සීන් අන්වින් මහතා සහ නව ආරක්ෂක උපදේශක කැප්ටන් ඉයන් කේන් මහතා 2020 දෙසැම්බර් මස 01 දින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

හිටපු ආරක්‍ෂක උපදේශකවරයා තම ධුර කාලය තුලදී දැක්වූ සහයෝගය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ට සිය ස්තුතිය පිරිනමනු ලද අතර නව ආරක්‍ෂකත උපදේශකවරයා ගුවන් හමුදාධිපතිතුමන් හට හඳුන්වාදීමද සිදුකරන ලදී. එසේම 18 වන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් .තේරී පත්වූ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හට සිය සුභාශිංසන එක්කිරීමටද ඔවුන් අමතක නොකලහ.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි