ඉන්දියානු ගුවන් හමුදාපති සිව් දින නිළ සංචාරයක් සදහා අද ලංකාවට පැමිනෙයි
3:32pm on Sunday 16th January 2011
ඉන්දියානු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ප්‍රදීප් වසන්ත් නායික් PVSM,VSM,ADC මහතා විෂේශිත වූ ඉන්දීය ගුවන් යානයකින් අද පස්වරු 1330 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිනෙන ලදී. එතුමා පිළිගැනීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ඇතුළු ගුවන් හමුදා උසස් නිළධාරීන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

 ඉන්දීය ගුවහමුදාඅතිතුමාගේ බිරිද වන මධුබාලානඉක් මැතිනි, ගුවන් සම්බන්ධීකරන නිලධාරී ගුවන් කොමදෝරු සී විවේක් රාම් සහ ඉදීය ගුවහමුදාඅපති තුමාගේ අදීසහාක බලගණ ආයක කේ. සංගීත් අන ඒද මේ සංචාරයට එක් විය.

දින 04 න් සමන්විත මෙම නිළ සංචාරයේදී අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිද හමුදා ප්‍රධානීන් හමුවීමට නියමිත අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සියළුම පියාසර බළගණයන්හි සංචාරය නිරත වීමට නියමිතය.

1949 වසරේ ජූලි මස 22 දින ඉන්දීයාවේ උපත ලද මෙතුමා 1969 ජුනි 21 දින ඉන්දීය ගුවන් හමුදාවට එක්විය මූලික පුහුණුවෙන් පසු අධිකාරිලත් නිලධාරීවරයකු ලෙස කටයුතු කරනලදී.Vampire,MIG-21,MIG-23 යන ප්‍රහාරක ජෙට් යානා වන්හි අති දක්ෂ ගුවන් නියමුවෙක් වන අතර වසර 40 ආසන්න අත්දැකීම් සම්බාරයකින් යුතු ගුවන් නියමුවෙක් ද වේ.

මෙතුමාගේ සේවා කාලය තුල ඉන්දීය ගුවන් හමුදා මූලස්ථාන රැසකම සේවය කල ඇති අතර උසස් තනතුරු රැසක් ද මෙතුමා විසින් හොබවා ඇත.ඒ අතර ඉන්දීයාවේ බටහිර ප්‍රාන්ත ගුවන් හමුදා මූලස්ථානයේ අණදෙන්න ලෙසද, මධ්‍යම ගුවන් බලඇණියේ ප්‍රධාන ගුවන් මෙහෙයුම් අණදෙන්නා ලෙසද ක්‍රියා කිරීමේන් අනතුරුව ඉන්දීය උප ප්‍රධාන ගුවන් මාණ්ඩලික නිලධාරී ධූරයට පත්වීමෙන් අනතුරුව ඉන්දීය ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී නිලයට උසස් කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි