ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සුනඛ ඒකකය නව පරිච්ජේදයක ඇරඹුම සනිටුවහන් කරයි
9:44am on Thursday 10th June 2021
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සුනඛ ඒකකයේ සුනඛයින් පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව අවසන් කිරිමෙන් අනතුරුව ඔවුන් ලද පුහුණව අද දින කටුනායක ගුවන් හමුදා මුලික කඳවුරේදී ප‍්‍රදර්ශනය කිරිම සිදුකරන ලදි. එසේ සුනඛයින් පුහුණු කරන ලද සුනඛ හසුරුවන්නන් වෙත සහතිකපත් ප‍්‍රදානය කිරිම ගුවන් හමුදාධිපති එයා3ර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සුනඛ අංශය ඉතා දිගු ඉතිහාසයකට උරුමකම් කියනු ලබන අතර 1972 අගේස්තු මස 23 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව තුලින් ආරම්භය සනිටුහන් කරන ලදි. ගුවන් සුනඛ ඒකකය මේ වන විට විවිධ පැතිකඩ ඔස්සේ අත්දැකිම් හා කුසලතාවයන් මගින් ජවසම්ිපන්න වෙමින් ජාතික වශයෙන් මහත් වු සේවාවක් ඉටු කරනු ලබයි.

ගුවන් හමුදා සුනඛ ඒකකය සදහා 1985 වර්ෂයේදි සුනඛයින් 12 දෙනෙකු හා 1998 වර්ෂයේදි සුනඛයින් 17 දෙනෙකු එංගලන්තයෙන් ද, 2006 වර්ෂයේදී ජර්මනියේ සිට සුනඛයින් 12 දෙනෙකු ද, 2013 වර්ෂයේදි නෙදර්ලන්තයේ සිට සුනඛයින් 10 දෙනෙකුද, 2020 වර්ෂයේ දි නෙදර්ලන්තයේ සිට සුනඛයින් 20 දෙනෙකුද සමිබන්ධ වි ඇත.


පුපුරණ ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සෙවිමෙි සුවිශේෂි පුහුණුවට අමතරව මෙම සුනඛයින් ප‍්‍රභු ආරක්‍ෂක  රාජකාරින් ආපදා අවස්ථාවන් හිදි සෝදිසි මෙහෙයුමි සහ ගලවා ගැනිමෙි රාජකාරින්ල ඉව පසු පස ලුහුබැඳ හඹායාමේ මනාපුහුණුවක් ලබා ඇත. ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිම උදෙසාත් මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු සිදුකිරිම සදහාත් ගෞරවාන්විත සේවයක් මෙම සුනඛයින් විසින් ඉටුකරනුලබයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි