ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම අවසන් වටයට පිවිසෙයි
12:16pm on Wednesday 19th January 2011
ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම 48වන ජාතික පැසිපන්දු ශූරතා තරඟාවලියේදී, අවසන් වටයට සුදුසුකම් ලබා ඇත.

අවුරුදු 23කට පසු මෙලෙස ගුවන් හමුදා කණ්ඩායමක් ප්‍රථම වතාවට අවසන් තරඟාවලියකට සුදුසුකම් ලබා තිබීම සැලකිය යුතු කරුණකි. එනම් ශ්‍රි ලංකා පාසැල් කණ්ඩායම 69 - 61 ලෙස පරාජය කරමින් මෙලෙස ජයග්‍රහණය අත්පත් කර ගන්නා ලදී.

අවසන් තරඟය වෙළඳ සේවා කණ්ඩායම සමග ජනවාරි 21වන දින මහනුවර කින්ස්වුඩ් විද්‍යාලයේ පැසිපන්දු ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතව ඇත.

10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගි වන ලදී. එනම් පළමු වටයේදී ගුවන් හමුදා කණ්ඩායම පුත්තලම, කොළඹ, යුධ හමුදා සහ හම්බන්තොට යන කණ්ඩායම් ජය ගෙන අවසන් වටයට පිවිස තිබීම විශේෂ කරුණකි.

ගුවන් හමුදා හා ශ්‍රි ලංකා පසැල් කණ්ඩායම අතර අර්ධ අවසාන තරඟය පසුගිය ජනවාරි 16වන දින නුගේගොඩ සෙන් ජොසප් විද්‍යාල ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. මෙහිදි ගුවන් හමුදා පැසිපන්දු ක්‍රීඩක ඔසන්ද උමයංග ලකුණු 18ක් රැස් කළේය.

60 වසරක ගුවන් හමුදා ඉතිහාසයේ දෙවැනි වතාවටයි මෙලෙස අවසන් තරඟයකට සුදුසුකම් ලබා ඇත්තේ. තවද ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායමේ සභාපති ලෙස ගෲප් කැප්ටන් හරේන්ද්‍ර පේරුසිංහ ද කණ්ඩායම් පුහුණුකරු ලෙස එයාර් කොමදෝරු හර්ෂ ප්‍රනාන්දු කටයුතු කරයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි