ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉතා අභිමානවත් අන්දමින් 73 වැනි ජාතික නිදහස් දින පෙළපාලියට සහභාගී වෙයි
9:25am on Sunday 20th June 2021
වර්ෂ 1948 දී බි‍්‍රතාන්‍යන්ගෙන් නිදහස ලබාගැනීම සිහිපත් කිරීම උදෙසා ඉදිකරවන ලද කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී මෙවර 73 වෙනි ජාතික නිදහස් දින උළෙල ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන්
අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ එම මැතිණිය අයෝමා රාජපක්‍ෂ මැතිණියගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු මෙම ඓතිහාසික අවස්ථාවට අග්‍රාමාත්‍යතුමන්, කථානායකතුමන්, අග්‍රවිනිශ්චයකාරතුමන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අද්මිරාල් ඔෆ් ද ෆ්ළීට් වසන්ත කකරන්නාගොඩ, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද‍්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස්  අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, පොලිස්පති සී ඩී වික‍්‍රමරත්න, රාජ්‍ය ලේකම්වරුන්,  රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුලු ආරාධිතයින් විශාල පිරිසක් ද සහභාගී වූහ.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මගුල් බෙර හා සක් හඬ මධ්‍යයේ ජාතික කොඩිය ඔසවමින් සහ පාසල් සිසු සිසුවියන් විසින් ජාතික ගීතය ගායනා කිරීමෙන් උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කල අතර ඉන්පසුව ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිතුමන් විසින් ජනාධිපතිතුමන් විශේෂ පීඨීකාව වෙත කඳවාගෙන යන ලදී. අනතුරුවල විශේෂ පීඨිකාව ඉදිරිපිට පාසල් සිසුවියන් විසින් තෙරුවන්ගේ අශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ”ජය මංගල ගාථා” සහ ”දේවෝ වස්සතු කාලේන” ගායනා කරන ලදී.

අනතුරුව සන්නද්ධ හමුදාවන් විසින් පැවැත්වූ ආචාර වෙඩිමුර 21 න් පසු අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතිය අමතා කථා කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා ආචාර පෙළපාලියේ සම්බන්ධීකාරක ලෙස ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ප‍්‍රසන්න පායෝ මහතා කටයුතු කරනු ලදී. ගුවන්යානා පෙළපාලිය බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්, බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා 04ක්,  එම් අයි 17 වර්ගයේ ප්‍රවාහන හෙලිකොප්ටර් යානා 04ක්, සෙස්නා 150 වර්ගයේ මූලික පුහුණු ගුවන්යානා පහක්, වයි- 12 ගුවන් යානා යානා 03ක්, බීච් ක්‍රාෆ්ට් බී-200 වර්ගයේ යානා 02ක්, එම්ඒ 60 වර්ගයේ ගුවන යාන 02ක්ස සහ එෆ් 7 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා තුනකින් සමන්විත විය.

ගුවන් යානා පෙළපාළියේ ගුවන් ගමින් පාලක නිළධාරීන්  ලෙස ගෲප් කැප්ටන් නන්දික සල්ගාදු, ස්කොඩ්‍රන් ලීඩර් ගයාන් ධර්මසිරිවර්ධන, ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එරංග ගමගේ සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඉෂාර මායාදුන්න කටයුතු කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, එයාර් කොමඩෝර් චන්න දසනායක, ගෲප් කැප්ටන් ප‍්‍රදීප් ප‍්‍රීයන්ත සහ ගෲප් කැප්ටන් සනෝජ් ජයරත්න  ගුවන් යානා සංදර්ශනයේ සම්බන්ධිකරණය කටයුතු සිදුකරන ලදී. පියාසර පෙලපාලියේ ගුවන් යානා මගපෙන්වීමේ නිළධාරීන් වහයෙන් ගෲප් කැප්ටන් ප‍්‍රසන්න කුරුවිට, විංග් කමාන්ඩර් ඉර්ෂාඩ් මුතාලිෆ්  සහ ස්කොඩ්රන් ලීඩර් තරිඳු කෙහෙල්වරාවේ කටයුතු කරන ලදී.

සමස්ථ ගුවන් හමුදා ආචාර පෙළපාලියෙහි අණදෙන්නා ලෙස චීනවාරාය ගුවන් හමුදා විදයා පීඨයේ පීඨාධිපති එයාර් කොමඩෝර් බන්ධු එදිරිසිංහ මහතා කටයුතු කරන ලදී.  බලඝණ 5කින් සමන්විත වූ ගුවන් හමුදා ආචාර පෙළපාලියේ පෙළපාලි අණදෙන්නා ලෙස විංග් කමාණ්ඩර් ජයරත්න අමරසිංහ කටයුතු කරන ලද අතර ස්කොඩ්‍්‍රන් ලීඩර් ජානක හෙට්ටිආරච්චි ත‍්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායමට අණදෙන ලදී. ගුවන් හමුදා පළමු බලඝණය සඳහා විංග් කමාන්ඩර් ප‍්‍රසාද් කුළතුංග, දෙවන බළඝණය සඳහා විංග් කමාන්ඩර් මොහාන් ටිරෝෂන සහ  තුන්වන බලඝණය වන ගුවන් කාන්තා බලඝණය සඳහා ස්කොඩ්‍්‍රන් ලීඩර් පියුමි ජයසුන්දර විසින් අණදෙන ලදී.

ගුවන් හමුදා විශේෂ මෙහෙයුම් ඒකකයේ අණදෙන්නා වශයෙන් ස්කොඩ්‍්‍රන් ලීඩර් භානුක බණ්ඩාර කටයුතු කරන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලඝණය සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ප‍්‍රියදර්ශන හෙට්ටිආරච්චි විසින් අණදෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි