ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප‍්‍රදානයක්
10:08am on Sunday 20th June 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්  සාදා නිමකරන ලද නව නිවාසයක් මියගිය කෝප‍්‍රල් නිරෝෂන එච්ඩබ්වයි ගේ පවුල හට ප‍්‍රදානය කිරීම  2021 පෙබරවාරි මස 17 වන දින සේවා වන්තා ඒකකයේ සභාපතිනි චාමිනී පතිරණ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඇල්පිටිය ප‍්‍රදේශයේදි සිදු කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලද අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂකයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියළු කාර්යන් සිදුකරන ලදී.

කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු නිළධාරීන් සෙසු නිළයන් සහ සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් ඇතුලු පිරිසක් මෙම අවස්තාවට සහභාගී වූහ.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි