මිහිඳු සෙත් මැදුරේ රණවිරුවන් වෙනුවෙන් පැවති වර්ණවත් රාත‍්‍රියට ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
10:13am on Sunday 20th June 2021
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන ආබාදිත රණවිරුවන් වෙනුවෙන් 2021 පෙබරවාරි 20 වන දින පැවැත්වූ වර්ණවත් රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ගුවන් හුමදාධීපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මිය සහභාගී වූහ.

සටනේදී ආබාධිත වූ රණවිරුවන් සඳහා වූ සුව නිවහනක් වන මිහිඳු සෙත් මැදුර පුර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින විශේෂ අවශ්‍යතා ඇති රණවිරුවන් සඳහා අවධානය, අඛණ්ඩ රැකවරණය සහ සහාය ලබාදෙන නිවහනකි.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි චිත‍්‍රානි ගුණරත්න සමග ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපතිතුමන්, නාවිකහමුදාධිපතිතුමන්, ගුවන් හමුදාධිපතිතුමන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයන්ගේ සභාපතිනීන් විසින් මෙම රණවිරුවන් වෙත තෑගි ලබාදෙන ලදී.

රණවිරුවන් සමඟ කාලය ගත කරමින් ආරක්ෂක උසස් නිලධාරීන් ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳව ද සොයා බලන ලදී.

පසුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා සංස්කෘතික කණ්ඩායම මෙම වර්ණවත් සන්ධ්‍යාව ආරම්භ කරමින් පූජා නැටුමක් ඉදිරිපත් කළහ.

‘මිහිදු සෙත් මැදුර’ අබාධිත සෙබළුන් සඳහා රැකවරණ ලබාදීම සඳහා දකුණු ආසියාවේ පිහිටවනු ලැබූ පළමුවන ස්ථානය වන අතර, එය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සිටියදී එතුමන්ගේ සංකල්පය මත ඉදිකරන ලද්දකි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි