ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාව ගුවන් හමුදාවට
10:25am on Sunday 20th June 2021
චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් පිටියේදී 2021 පෙබරවාරි මස 25 වන දින පැවති ආරක්ෂක සේවා ගොල්ෆ් ශූරතාව මෙවර තමන් සතුකර ගැනිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වූහ. මෙවර ගෝල්ෆ් තරඟාවළිය ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද අතර සන්ධ්‍යාවේ පැවති සම්මාන ප‍්‍රදානෝත්සවය සඳහා ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අද්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක මහතා ප‍්‍රදාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

මෙවර ශූරතාව සඳහා යුධ, නාවික හා ගුවන් හමුදාවන්හි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් සහභාගි වූහ. මෙහිදී නායක ගුවන් භට පේ‍්‍රමරත්න ජීඒඑස්ජී විසින් ඉහල ප‍්‍රසාද ලකුණු ප‍්‍රමාණයක් වාර්තා කරමින් පිරිමි අංශයේ ආරක්‍සක සේවා විවෘත ගෝල්ෆ් හූරතාවයට හිමිකම් කියන ලදී.එසේම ගුවන් හමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ද්විත්යම ආරක්‍ෂක සේවා ගෝල්ෆ් කණ්ඩායම් ශූරතාවයන් දිනා ගන්නා ලදී.  එහි අනුශූරතාවය යුධහමුදා කාන්තා සහ පිරිමි කණ්ඩායම් වලටි හිමිවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි