නව නාවික හමුදාධිපති ගුවන් හමුදාධිපති හමුවෙයි
6:19pm on Thursday 20th January 2011
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක අද දින (2011 ජනවාරි මස 20) ගුවන් හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක හමු විය.

ශ්‍රි ලංකා නාවික හමුදාවෙ 17 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් සිය දූරයේ වැඩ බාර ගැනීමෙන් පසුව සහභාගී වූ ප්‍රථම නිල හමුව මෙය විය.

මෙහිදී නාවික හමුදාධිපතිවරයා විසින් ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක වෙත විශේෂ සමරු පලකයක් පිළිගැන්වීමද සිදුවිය.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සෝමරත්න දිසානායක මහතා 1977 දී කැඩෙට් නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට බැදී ඇති අතර, මේ දක්වා ඔහුගේ සේවා කාලය තුල නාවික හමුදාවේ විවිධ තනතුරු වල සේවය කර ඇත.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියකු වන දිසානායක මහතා මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක උපක්‍රම පිළිබඳ දර්ශන ශූරී උපාධිය ලබාගෙන ඇත. එසේම කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ යුධ කළමනාකරණ පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකි.

තෙවන ඊලාම් යුද්ධය ආරම්භයේදී නාවික යාත්‍රාවලට එල්ල කරන ලද එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ප්‍රහාරයේදී තම සගයෙකුගේ ජීවිතය ගලවා ගැනීමේ හේතුවෙන් ජීවත්ව සිටියදි මෙතෙක් රණවිරුවකු විසින් ලබාගත් උසස්ම වීර සම්මානය වන වීරෝධාර විභූෂණ පදක්කමෙන් පිදුම් ලබා ඇති අතර, මීට අමතරව දෙවරක් රණශූර පදක්කමද, විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම ඇතුලුව තවත් පදක්කම් හා පළදනා රැසක් හිමි කරගෙන තිබීම විශේෂත්වයකි.

තවද නවදිල්ලි හී ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් 1998 සිට 2001 දක්වා කටයුතු කර ඇති ඒ මහතා මෑත කාලයේ එම තනතුර දෑරු ප්‍රථම නිලධාරියා ලෙසද ඉතිහාසගතවී ඇත.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි