සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ගුවන් හමුදාවට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
8:04am on Tuesday 21st September 2021
මෑතකදී සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් -19 රෝගීන්ගේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ද සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ ක්‍රියාකාරීව සහභාගී වෙමින් සිටිති.

එහි ප්‍රතිඵලයක් වශයෙන් පෙරටුගාමී ගුවන් භටයින් මාරාන්තික වෛරසයට නිරාවරණය වීම නිතර සිදු වේ.

කොවිඩ් -19 වෛරසයට එරෙහිව ගුවන් හමුදාව ශක්තිමත් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (2021 ජූනි 09) ගුවන් හමුදාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් මහාචාර්ය ඖෂධ නිෂ්පාදන, සැපයුම සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ සුරතින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා වෙත ගුවන් හමුදා මූලස්ථානයේදී පිරිනමන ලදී.

මෙම අවස්ථාව සදහා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්  සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි