වවුනියාවේ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා වශයෙන් ගෲප් කැප්ටන් ජේ එම් ඩී ආර් ඒ පී ජයමහ පත් කෙරේ
8:08am on Tuesday 21st September 2021
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා වශයෙන් ගෲප් කැප්ටන් ජේ එම් ඩී ආර් ඒ පී ජයමහ පත් කෙරුනු අතර වැඩ භාරදීම භාර ගැනීමේ පෙළපාලිය ඊයේ (2021 ජුනි 09) දින සිදුවූණි. වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම් එස් කුමාරගේ විසින් ගෲප් කැප්ටන් ජේ එම් ඩී ආර් ඒ පී ජයමහ වෙත වැඩභාර දීම සිදුකරන ලදි.

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත් වීමට පෙර නව කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ජයමහ මහතා කොළඹ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නාවික හා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි