අලුත්වැඩියා කරන ලද ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානා 03 ක් ගුවන් හමුදා සේවයට එක් වෙයි
2:46pm on Wednesday 6th October 2021
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් ශක්තිය ඉහල නැංවිමේ අරමුණ ඇතිව අංක 02 බලඝණයට අයත් යුක්රේනයේ නිෂ්පාදිත ඇන්ටනෝව් 32 (AN-32) වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානා 03 ක් අලුත්වැඩියා කටයුතු සදහා 2020 අගෝස්තු මස යුක්රේනය වෙත යවා තිබූ අතර අලුත්වැඩියා කටයුතු අවසන් කිරිමෙන් අනතරුව අද (2021 ජුනි මස 11) දින එම ගුවන් යානා නැවත දිවයිනට පැමිණෙන ලදි.

අලුත්වැඩියා කරනු ලැබු ඇන්ටනෝව් 32 (AN-32) වර්ගයේ මගි ප්‍රවාහන ගුවන් යානා ත්‍රිත්වය යුක්රේනයේ සිට අද දින දිවයිනට පැමිණි අතර එම ගුවන් යානා පිළිගැනිමේ අවස්ථාව සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකමි ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් ඇතුළු පිරිසක් සහභාගි විය.

මෙම ගුවන් යානා  1995 වර්ෂයේදි ප්‍රථමවරට ශ්‍රි ලංකා ගුවන් හමුදාවට ඒක් වු අතර වර්ථමානය වන විට ශ්‍රි ලංකා ගුවන් හමුදාව සතු සක්‍රිය මටිටමේ පවතින විශාලතම ප්‍රවාහන ගුවන් යානා වන්නේද  අලුත්වැඩියා කටයුතු අවසන් කර මෙරටට ගෙන එන ලද මෙම ඇන්ටනෝව් 32 (AN-32) ගුවන් යානා ත්‍රිත්වය වන අතර මෙම ගුවන් යානාවන් මුලික වශයෙන් යොදා ගනු ලබන්නේ භාන්ඩ හා මගීන් ප්‍රවාහන කටයතු සදහා වේ. මානුෂීය මෙහෙයුම් සමයේදී යුධ බිමේදි තුවාල ලැබු රණවිරුවන් මෙන්ම සිවිල් වැසියන් ප්‍රවාහනය කිරිම මෙන්ම යුධ භුමයට අත්‍යවශ්‍යය භාන්ඩ ප්‍රවාහනය කිරීම සදහා ද මෙම ගුවන් යානා මහත් අත්වැලක් විය.

මෙම ඇන්ටනෝව් 32 (AN-32) ගුවන් යානා 2014 නොවැම්බර් මස සිට මේ දක්වා ගුවන් හමුදා ප්‍රවාහන කටයුතු සදහා සක්‍රිය දායකත්වය ලබා දි නොමැති අතර ඒ සදහා ප්‍රවාහන හෙලිකොප්ටර් යානා යොදා ගැනිමට ගුවන් හමුදාවට සිදු විය. මෙම ගුවන් යානා ත්‍රිත්වය සක්‍රිය විමත් සමග ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් බලය 75% පමන ඉහල නැංවිමට හැකියාව ලැබි ඇත.
 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි