ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් නිවාස ප්‍රධානයක්
9:11am on Thursday 14th October 2021
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද නිවසක් සැරයන් රත්නසිරි එම්පී හට ප්‍රධානය කිරීම 2021 ජූලි 01 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් උඩුපුස්සල්ලාවල ගංගරාගොල්ලදී පැවැත්විණි.

නාය යාම හේතුවෙන් මෙම සැරයන්වරයාගේ කලින් නිවසට දැඩි හානි සිදුවී ඇති අතර එම නිසා ඔහුට සහ ඔහුගේ පවුලට සම්පූර්ණයෙන්ම නව නිවසක් ලබා දීමට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මැදිහත් විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් හමුදාව සේවා වනිතා ඒකකය විසින් අරමුදල් සපයන ලද අතර සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකවරයා සහ පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්එච්එම්ටීසීකේ බණ්ඩාරගේ අධීක්ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම අවස්ථාව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි