ගුවන් හමුදා ස්කයි පෙට් සත්ව රෝහල විවෘත කෙරේ
9:31am on Thursday 14th October 2021
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විසින් ස්ථාපිත කරනු ලැබු ස්කයි පෙට් සත්ව රෝහල, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ආරාධනයට අනුව  ජනාධිපති ආර්්යා අයෝමා රාජපක්‍ෂ මැතිණිය විසින් 2021 ජූලි මස 06 වන දින ගුවන් හමුදා ගුවන් පුර කදවුරු පරිග‍්‍රයේදි විවෘත කරන ලදීග

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ස්කයි පෙට් සත්ව රෝහල, සුනඛයින් සහ බළලූන් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින්  නවින තාක්ෂණයට අනුව ස්ථාපිත කර ඇති ති‍්‍රවිධ හමුදාව සතු එකම සත්ව රෝහල වන අතර , ගුවන් හමුදා විශේෂ පුහුණුව ලබා  ගුවන් හමුදා අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි සදහා මෙන්ම ජාත්‍යන්තර ගුවන්තොටුපලවල ආරක්ෂක රාජකාරි හා මත්ද‍්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ද සුවිශේෂී පුහුණුවක් ලබා ඇති ගුවන් සුනඛ ඒකකයේ සුනඛයින් ගේ සත්කාර කටයුතු සදහා මුලිකවම කටයුතු සිදුකරනු ලබන අතර මහජනතාවු සදහා ද තම සුරතලූන් වෙනුවෙන් ඉතා සහනදායී මිල ගනන් යටතේ මෙම ස්ථානයේ සේවාව ලබාගැනිමට ද හැකියාව පවති  

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදාධිපතිතුමන්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මැතිණිය ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරින් පිරිසක් සහභාගි වු අතර රටතුළ පවතින කොවිඞ්-19 වැලැක්වීමේ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව මෙම අවස්ථාව සංවිධානය කරන ලදී.

දැනට මහජනතාව සඳහා විවෘතව ඇති ස්කයි පෙට් සත්ව රෝහල පහත දුරකථන අංක මගින් සම්බන්ධ කරගත හැක.

ස්කයි පෙට් සත්ව රෝහල
ගුවන්පුර,
කොළඹ 08.


දුරකථන
0113144447
0112495800

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි