එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි ගුවන් හමුදාවට සමු දෙයි
9:57am on Friday 22nd October 2021
එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබ්රෝයි වසර 35 කට අධික කාලයක සේවාවක් රට ඉටු කරමින් අනතුරුව අද දින (2021 ජූලි මස 16 වන දින* ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමු ගන්නා ලදි. විශ‍්‍රාම යන විට හෙතෙම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ භූමි මෙහෙයුම් අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කළේය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ නිල කාර්යාලයේදී එයාර් වයිස් මාර්ෂල් ලැබ්රෝයි මහතාගේ නිල වශයෙන් සමුගැනීම සිදු වන ලදි. එයාර් වයිස් මාර්ෂල් ලැබ්රෝයි මහතා ජාතිය වෙනුවෙන් හා විශේෂයෙන්ම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වසර ගණනාවක් සිදු කළ සේවාව ගැන ගුවන් හමුදාධිපතිතුමන් ප‍්‍රශංසා කරන ලදි. මෙම අවස්ථාව සනිටුවන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් හා එයාර් වයිස් මාර්ෂල් ලැබ්රෝයි මහතා සමරු තිළින හුවමාරු කර ගන්නා ලදි. අනතුරුව අවසන්වරට ගුවන් හමුදා මූලස්ථානය හැර යාමට පෙර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට වාරිත‍්‍රානුකූල ගෞරව සම්මානයක් පිරිනමන ලදි.

එයාර් වයිස් මාර්ෂල් ලැබ්රෝයි මහතා 1986 වර්ෂයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව ඇත. මොහුගේ වසර 35ක කැපී පෙනෙන හමුදා ජීවිතය තුළදී උත්තම සේවා පදක්කම, වීර වික‍්‍රම විභූෂන සහ රණශූර යන පදක්කම් පිරිනමන ලදි. ඔහු ගුවන් හමුදා පුහුණු කටයුතු සඳහා ද දැඩි ලෙස සම්බන්ධ වී සිටි අතර උසස් තත්වයේ බෝහෝ නිළධාරීන් බිහිකිරීමට පුරෝගාමී වූ නිලධාරීවරයෙකි. 


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි