58 වන ලෝක ආරක්ෂක සේවා ක‍්‍රීඩා උළෙලෙට සහභාගී වන ගුවන් හමුදා වෙඩික්කරුවෝ
12:01pm on Sunday 14th November 2021
58 වන ලෝක ආරක්ෂක සේවා ක‍්‍රීඩා උළෙලෙහි වෙඩි තැබීමේ ශූරතාවලිය පාකිස්ථානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම ක‍්‍රීඩා ඉසව්ව සඳහා මව්බිම නියෝජනය කරමින් ගුවන් හමුදා වෙඩික්කරුවන් අට දෙනෙකු (08* තෝරාගෙන ඇති අතර ඔවුන් හෙට (2021 සැප්තැම්බර් මස 30* දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙම තරගාවලිය සඳහා සහභාගී වන තරගකරුවන් වෙත සිය සුභාසිංෂන පිරිනමන ලදි.

ස්කොඩ‍්‍රන් ලීඩර් මනෝජ් විජේවික‍්‍රම, සැරයන් සඳකැලූම් රණසිංහ, කෝප‍්‍රල් ප‍්‍රියංජන් දයාවංශ, කෝප‍්‍රල් ප‍්‍රසාද් මධුෂංක, කෝප‍්‍රල් නිශාන්ත විතාන, කෝප‍්‍රල් මහේෂිකා වෛiරත්න, කෝප‍්‍රල් දීපානි මුදුන්කොත් සහ කෝප‍්‍රල් ශිරෝමා ප‍්‍රීයදර්ශනී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කිරීමට නියමිතය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් වරුණ ගුණවර්ධන, ලේඛම් ස්කොඩ‍්‍රන් ලීඩර් මනෝජ් විජේවික‍්‍රම සහ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ සංචිතයේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ස්කොඩ‍්‍රන් ලීඩර් මාධව බණ්ඩාර කටයුතු කරයි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි