ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව කාබනික පොහොර නිෂ්පාදනය අරඔයි
11:15am on Saturday 11th December 2021
අතිගරු ජනාධිපති තුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්තියට අනුව හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්තයක් බවට පත්කිරිම තුලින් නිරෝගිමත් සෞඛ්‍යය සම්පන්න අනාගත පරපුරක් බිහිකිරිම වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරිමේ අරමුණින් ගුවන් හමුදාධිපති තුමන්ගේ උපදෙස් මත ක‍්‍රියාත්මක ගුවන් හමුදා කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතිය ශ‍්‍රි ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ‍්‍රයේ දි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් 2021 ඔක්තොම්බර් මස 22 වන දින නිල වශයෙන් ආරම්භ කරන ලදි.
 
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පුර්ණ අධික්ෂනය යටතේ ක‍්‍රියාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මුලික අදියරේදි කාබනික පොහොර ටොන් 25 ක් පමන ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීිමට සැලසුමි කර ඇති අතර ක‍්‍රමානුකූලව එය තවත් වර්ධනය කිරීිමට අපේක්ෂා කරනු ලබයි.  මෙලෙස නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කෘෂි ඒකකයන් හි ප‍්‍රයොජනය සදහා යොදා ගැනීිමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ගොවි මහතුන් වෙත ලබාදිමට ද නියමිතව ඇත.
 
මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකය භාර නිළධාරිතුමන්, ගුවන් හමුදා වන්නි කදවුරු අණදෙන නිළධාරිතුමන්, වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරිතුමන් ඇතුළු ගුවන් හමුදා නිළධාරින් හා සෙසුනිළයන් පිරිසක් සහභාගි වී සිටි අතර මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික කොවිඞ් මර්ධනය කාර්ය සාධක බලකායේ කොවිඞ් 19 වැලැක්වීමේ නිර්දේශයන්ට අනුකූලව පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි