විදේශික අභ්‍යාසලාභීන් සඳහා ක්‍ෂණික ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ පුහුණු පාඨමාලාව මොරවැවේදී අවසන් කෙරේ.
10:20am on Monday 20th December 2021
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ දී රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින්  අංක 03 ක්‍ෂණික ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ  පුහුණු පාඨමාලාව 2021 සැප්තැම්බර් මස 29 වන දින ආරම්භ කල අතර මේ සඳහා පකිස්ථානය, බංගලාදේශය මාලදිවයින යන රටවලින් විදේශික අභ්‍යාසලාභීන් පස් දෙනෙකු සහභාගී වු අතර පුහුණු පාඨමාලාව 2021 ඔක්තෝබර් මස 19 වන දින සාර්ථකව අවසන් කරන ලදී.

විදේශිකයන් සඳහා වු මෙම පුහුණු පාඨමාලාව නිර්මාණය කර ඇත්තේ කැලෑබද සටන්, සෙවීම සහ මුදාගැනීම, භූමියේ ගමන් කිරීම, ක්ෂණිකව ක්‍රියායාත්මක විය හැකි ශිල්පීය ක්‍රම, වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස, මිත්‍රශීලී විදේශ රටවල සන්නද්ධ හමුදා සමඟ අන්‍යෝන්‍ය දැනුම වැඩි දියුණු කිරීම යන පුහුණු වීම් ඇතුලත් කරමින් සැළසුම් කර ඇත.

මොරවැව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩීඑස්එම්එල්කේ සුගතදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ විදේශික අභ්‍යාසලාභීන් සඳහා සහතිකපත් ප්‍රදානය සහ සමාප්ති උත්සවයේ කටයුතු කොවිඩ්-19 පැතිරීම වැලැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු විශේෂ බලකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එච්ඒඩබ්ලිව්පී හෙට්ටිආරච්චි මහතා ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි