නෙත් එෆ් එම් පාපැදි ශූරතාවලියේ ප්‍රථම හා දෙවන ස්ථාන ගුවන් හමුදාවට
4:39pm on Monday 28th March 2011
නෙත් එෆ් එම් සේවය විසින් සංවිධානය කල පාපැදි සවාරියේ ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් පසුගියදා(27) සමත් විය.

කි.මී 133 දුර ප්‍රමානයකින් යුත් මෙම තරගාවලිය සදහා දිවයින පුරා විසිරී සිටින තරග කරුවන් 72 ක් සහභාගි වූ අතර පාපැදි සංගමයේ සභාපති සහකාර පොලිස් අධිකාරී කේ.පී.පී පතිරන විසින් තරගාවලියේ අවසන් අධියර කොළඹ 02, නවම් මාවතෙහි පිහිටා ඇති සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලය අභියසදී නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක කුමාර අබේසිංහ හා නවීන් රුචිර ප්‍රථම හා දෙවන ස්ථාන දිනා ගැනීමට සමත් වූ අතර මේ සදහා පැය 02 ක් හා විනාඩි 50 කාලයක් ගත විය. තවද ගුවන් හමුදා ක්‍රීඩක බුද්ධික වර්ණකුලසූරිය 07 වන ස්ථානය දිනා ගනිමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් 03 කු පලමු 10 අතරට තේරී පත්වීම විශේෂත්වයකි.

නෙත් එෆ් එම් පාපැදි ශූරතාවලියේ පළමු අදියර ජනවාරී මස පැවැත් වූ අතර තරග කරුවන් 29 යුත් එම තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගුවන් හමුදා පාපැදි ක්‍රීඩක සුජිත් සිල්වා සමත් වූ අතර එම තරගයේම 07 වන ස්ථානය දිනා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෙකු සමත් වීම මෙහි තවත් විශේෂත්වයකි.

නෙත් එෆ් එම් ශූරතාවලියේ ජයග්‍රාහකයින් පහත සදහන් වේ

ප්‍රථම ස්ථානය
කුමාර අබේසිංහ                    

දෙවන ස්ථානය
නවින් රුචිර                             

හත්වන ස්ථානය
බුද්ධික වර්ණකුලසූරිය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි