ගුවන් හමුදාපති තුමාට රාජකීය විදුහල් උපහාරය
6:17pm on Thursday 31st March 2011
රාජකීය විද්‍යාලය සහ රාජකීය විද්‍යාල සංගමය, පිදිය හැකි උපරිම ගෞරවය, අද දින (29) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම හට පිරිනමන ලදී. මෙය රාජකීය විද්‍යාලයෙන් ලබා දෙනු ලබන විශේෂතම උපහාරය වේ.

මෙහිදී විද්‍යා
යීය ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම උත්සවය විචිත්‍රවත් කල අතර වර්ථමාන ගුරුවරුන් සිසු දරුවන් මෙන්ම විද්‍යාලයේ ගුවන් ශිෂ්‍යභට පක්ෂාංගය ඇතුළු විශාල පිරිසක් සහභාගි වන ලදී.

රාජකීය විදුහල නිරතුරුව ජාතියට සුවිශේෂී දරුවන් බිහිකල පාසලක් වූ අතර ගුවන් හමුදාපතිතුමා එම පාසැල් මාතාව සෙවනේ අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා ඇතුළු නොයෙකුත් විෂය භාහිර ක්‍රියාකාරකම්හි නිරතවෙමින් පාසලට කීර්තියක් ලබා දෙන ලදී.

වර්තමාන විදුහල්පති , උපාලි ගුනසේකර මහතා සභාව අමතමින් කියා සිටියේ විදුහලේ ආදි සිසුවකු ගුවන් හමුදාපති තනතුරට පත්වීම ඇත්තෙන්ම ඔවුන්ට ගෞරවයක් වන අතර විදුහල වෙනුවෙන් ආඩම්බරයට පත්වන බවය.


එතුමා තවදුරටත් ප්‍රකාෂ කර සිටියේ, පාසලෙන් පිටත්වීමෙන් පසු 1980 කෙඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට බැදුනු එතුමා, 1982 දී අධිකාරිත්වයට පත්වූ අතර පසුව බ්‍රිතාන්‍යයේ ලංඩන් නුවර පිහිටි රාජකීය විද්‍යාලයේ (KINGS COLLEGE) සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයෙන් පශ්චාත් උපාධි ලබා ගත් බවය. තවද එතුමා තම සේවා කාලය තුල, ගුවන් හමුදා පලාලී අණදෙන නිලධාරී ලෙසත්, චීන වරාය , අනුරාධපුර සහ රත්මලාන කදවුරු අණදෙන නිලධාරී ලෙසත් නැගෙනහිර කලාපයේ ගුවන් අණදෙන නිලධාරී ලෙසත් හා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ගුවන් පක්ෂාංගයේ ප්‍රධාන උපදේශක ලෙසත් කටයුතු කර ඇත.

තවද ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස වසර 30 යුද්ධය නවතාලීමට කැපවී දේශයට ඉටුකල සේවාවට පාසල වෙනුවෙන් කෘතඤ තාවය පලකල සිටියහ.

රාජකීය විද්‍යාල සංගමයේ ලේකම්, මංජු ආරියරත්න මෙහිදී ප්‍රකාෂ කලේ "අද අප රැස්ව සිටින්නේ ජාතියට ආඩම්බරවිය හැකි පුතකු, අපේ කාලයේ වීරයකු සහ රාජකීය විදුහලින් බිහිවූ කීර්තිමත් පුද්ගලයකුට උපහාර පිදීමට බවය". එසේම පාසල් මාතාව වෙනුවෙන් උණුසුම් සුභාශිංෂන  පැතීමද එතුමා සිදු කරනු ලදී.

රාජකීය විදුහලින් සමාජයට බිහිකල පුතණුවන්, පරිපූර්ණ පුද්ගලයින් ලෙස සමාජයට බිහිකර ඇත. එහි හොදම උදාහරනයක් ලෙස වර්තමාන ගුවන් හමුදාපතිතුමා පෙන්වා දෙන ලදී.

විදුහල් මාතාව වෙතින් ලබා දෙන උපහාරය නිහතමානීව පිලිගන්නා අතර විදුහල සහ එහි වර්තමාන තත්වය පිළිබදව ආඩම්බර වන බව ගුවන් හමුදාපතිතුමා පවසන ලදී. තවද තම විදුහල් මාතාව ලබා දුන් අධ්‍යාපනය සහ මග පෙන්වීම නොවන්නට මෙම ආ මග සිහිනයක් බවද එතුමා ප්‍රකාශ කරන ලදී. පැමිණ සිටින සිසු දරුවන් ඇමතූ ගුවන් හමුදාපතිතුමා පාසලින් අධ්‍යාපනය හා මග පෙන්වීම ලබාගෙන ඉදිරියටම යාමට ඔවුන්ව දිරිමත් කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඔහු විසින් තනිව කරන ලද ක්‍රියාකාරකම් වෙනුවෙන් රණ වික්‍රම හා රණ ශූර පදක්කම් වලින් පිදුම් ලබා ඇති අතර තවද උත්තම සේවා සහ ආරක්ෂක සේවා දිගු සේවා පදක්කමද හිමිකරගෙන සිටී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි