ගුවන් හමුදාධිපති තූමන් වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරයි
5:06pm on Monday 4th April 2011
2011 වසර සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියා කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (01) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී කදවුරු අණදෙන නිළධාරී ගුවන් කොමදෝරු රෝහිත ප්‍රනාන්දු විසින් ගුවන් හමුදාපති තුමා කදවුරු පරිශ්‍රයට පිළිගැනීමෙන් අනතුරුව බලපන්ති ලුතිනන් ධම්මික රත්නායක විසින් ආචාර පෙළපාලියකින් ආචාර දක්වන ලදී.මෙහිදී නිළදාරීන් 06 ද ගුවන් භටයින් 10 හා සිවිල් පුද්ගලයින් 03 ගුවන් හමුදාව වෙනුවෙන් සිදුකල සේවාව ඇගයීමේ සම්මානයෙන් පිදුම් ලබන ලදී.

මෙම සංචාරය තුලදී,විංග් කමාන්ඩර් ශෙහාන් විජේනායක අණදෙන නො 111 නියමුවන් රහිත ගුවන් යානා බළගණය,බළගණ නායක නදීක සල්ගාදු අණදෙන අංක 02 ගුවන් ආරක්ෂන රේඩාර් බළ්ලගණය, විංග් කමාන්ඩර් ක්‍රිෂාන්ත මනම්පේරී අණදෙන අංක 23 රෙජිමේන්තු පක්ෂාංගය ගුවන් හමුදාපති තුමාගේ නිරීක්ෂනයට ලක්වූ අතර බළගණ නායක ප්‍රභාත් මොල්ලිගොඩ අණදෙන වව්නියාව කදවුරට අනුබද්දව ක්‍රියා කරන ගුවන් හමුදා මාමඩුව කදවුර ගුවන් හමුදාපති තුමාගේ විශේෂ අවධානයට ද ලක්විය.

තවද මෙම සංචාරය අතර තුර ගුවන් හමුදා වව්නියාව කදවුරෙහි ගුවන් ආරක්ෂන පරිශ්‍රයේ ඉදිකල ජාත්‍යන්තර පෙර පාසල ගුවන් හමුදාපති තුමන් අතින් මෙම කදවුරේ සේවයේ නියුතු සිවිල් හා සේවා පුද්ගලයින්ගේ දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් විවෘත කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි