චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයට වසර 60
9:54am on Thursday 7th April 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර පසුගියදා(අප්‍රේල් 03) තම 60 වන සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරන ලදී. මෙම විද්‍යාපීඨය මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයන්ගේ සියලුම පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබයි.
 

එදින පවත්වන ලද වැඩ පෙළපාලියකින් 60 වන සංවත්සර කටයුතු ආරම්භ විය. එම පෙළපාලිය පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් කපිල ජයම්පති මහාතාගේ අධීක්ෂණයට ලක් විය. වින් කමාන්ඩර් ටී.වී. දේශප්‍රිය පෙළපාලී  අණදෙන්නා ලෙසත් පියසර නිළධාරි ආර්. එම්.ජේ. රත්නායක පෙළපාලි විධායක නිලධාරී ලෙසත්  කටයුතු කරන ලදී. පෙළපාලියෙන් පසුව සියලු නිලයන්ගේ සහාභාගීත්වයෙන් ක්‍රිකට්  තරගාවලියක්ද පවත්වනු ලැබීය.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි