ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගීරිය කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
9:35am on Friday 17th March 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා සිගීරිය කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සය භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 මාර්තු 09 වන දින කඳවුරු පරිශ්‍රෙය්දි පැවැත්වූ අතර එහිදී පිටත්ව යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒඩීආර් ලියනාරච්චිගේ විසින් ගෲප් කැප්ටන්  එච්.එම්.සී හේරත් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්.එම්.සී හේරත් විසින් මීට පෙර ගුවන් හමුදා සීගිරිය කදවුරේ අණදෙන නිළධාරී ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ගොඩබිම් පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරී ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි