ගුවන් හමුදා සේවා වනිතා ඒකකය "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය සාර්ථක සටහනක් මත දියත් කරනු ලබයි.
9:37am on Friday 17th March 2023
2009 වසරෙන් පසු මියගිය සේවා සාමාජිකයින්ගේ පවුල් සඳහා ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, මෙම ව්‍යාපෘතියේ පළමු නිවාසය කෝප්‍රල් බණ්ඩාර (මියගිය) ගේ පවුල වෙත අනුරාධපුර, මහපලාඩිකුලම ප්‍රදේශයේදී 2023 මාර්තු 04 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පිරිනැමණ ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වන අතර ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා අනුරාධපුර කඳවුර විසින් සිදු කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත සහ ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ප්‍රියමාල් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ නිම කරන ලදී.

මෙම උත්සවයට ගුවන් හමුදා අනුරාධපුර කඳවුරු අණදෙන නිළධාරී, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය සභාපති, චන්දිමා ගමගේ මහත්මිය, සහකාර ලේකම් සේවා වනිතා ඒකකය බලඝණ නායිකා කල්හාරි විජේසිංහ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් සහ අනෙකුත් නිලයන් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි