35 කණිෂ්ඨ අණ හා මාණ්අංකඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය
6:37pm on Monday 11th April 2011
35 කණිෂ්ඨ අණ හා මාණ්අංකඩලික පාඨමාලාවේ උපාධි ප්‍රධානෝත්සවය 2011  අප්‍රේල   08  දින චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨ කඳවුරේ කණිෂ්ඨ අණ හා මාණ්ඩලික විදුහල් ශ්‍රවණාගාරයේදී උත්සවාකාරයෙන් සිදු විය.

යුධ හමුදා නිළධාරින් 04 දෙනෙක් නාවික හමුදාවේ එක් ලුතිනන් වරයෙක් ඇතුළුව ගුවන් හමුදා නිළධාරීන් 14 දෙනෙකු මෙම පාඨමාලාව සාර්ථකව නිම කරමින් කැළණිය විශ්වවිද්‍යාලය මගින් පිරිනමන පශ්චාත් උපාධි ආරක්ෂක ඩිප්ලෝමා ලබා ගත් අතර මෙම උපාධි ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධ්ත අමුත්තා ලෙස ගුවන් හමුදා පරීක්ෂණ හා ආරක්ෂණ වැඩබලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ටීඑල්ඩ්බ් දිසානායක සහභාගී විය.

කණිශ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සති 14ක කාලපරාසයක් පුරා නොයෙකුත් අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකම් ඔස්සේ යමින් ඉහල නිළයක් දැරීමේදී ඔවුන්ට අවශ්‍ය දැනුම පන්නරය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණ වේ. පුද්ගල කළමණාකාරීත්වය, ඉංග්‍රීසි දැනුම,පරිඝණක දැනුම, තෝරාගත් ආයතන පිළිබඳ අධ්‍යයනය කිරීම, තෝරා ගත් විෂයන් පිළිබඳ ස්වයං ගවේෂණ, දේශණ, ශාරීරික පුහුණු වීම් සහ ක්‍රීඩා ආදී නොයෙකුත් විෂයන් තුළින් කණිශ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ වේ.

පාඨමාලාවේ විශේෂ ත්‍යාග ලාභීන් මෙසේය...

පාඨමාලාවේ දක්ෂතම නිළධාරියා
බලඝණනායක එච්.එ.එස්.පි කේ.ප්‍රනාන්දු

පාඨමාලාවේ හොඳම ග්‍රන්ථ විචාරය
බළඝණ නායක එම්.එ.ඩී. සී.අයි.ගුනසිංහ

පාඨමාලාවේ දක්ෂතම ක්‍රීඩකයා
බළඝණ නායක එස්.පී.වීරසිංහ

පාඨමාලාවේ දක්ෂතම කළමණාකරන නිලධාරියා
බළඝණ නායක ආර්.ඩබ්ලිව්.එම්.පී.ඩ්බ්ලිව්.එච්.ජේ.බී.ගුනතිලක

පාඨමාලාවේ දක්ෂතම කථිකයා
බළඝණ නායක   එස්.එම්.එස්.සම්පත් ශ්‍රී

විද්‍යාපීඨ අණ දෙන නිලධාරිතුමාගේ ප්‍රශ්න පත්‍රයේ දක්ෂතම නිලධාරියා  
බළඝණ නායක කේ.එච්.ඩී.පී.කාසගල

අධ්‍යාපන අතින් දක්ෂතම නිලධාරියා
බළඝණ නායක   එම්.ඒ.ඩී.සී.අයි.ගුනසිංහ

පාඨමාලාව තුළින් ලබා ගත් ස්ථාන මෙසේය..v

 

පළමු ස්ථානය
02380 බළඝණ නායක  එච්.එ.එස්.පී.කේ.ප්‍රනාන්දු   

දෙවන ස්ථානය
02261  බළඝණ නායක   එම්.ඒ.ඩි.සී.අයි. ගුනසිංහ

තුන්වන ස්ථානය
02262   බළඝණ නායක   යු.ඩී.එල්.පී.ගුනසිංහ

හතරවන ස්ථානය   
02383   බලඝණනායක     ආර්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.එච්.ජේ.බී.ගුනතිලක  

හතරවන ස්ථානය   
02218  බළඝණ නායක     02218 එස්.පී.වීරසිංහ      




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි