ගුවන් හමුදාවට මේස පංදු රන් පදක්කම්
5:18pm on Tuesday 19th April 2011
ක්‍රිස් ගුනරත්න අනුස්මරණ මේස පන්දු ශූරථාවයේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට පසුගියදා ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

මෙම ශූරථාවලිය පසුගිය අප්‍රේල් 08 සහ 09 දෙදින පුරා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විනි.

පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම තරග 07ක් බැගින් පැවැත්වූ අතර වැඩිම  ජයග්‍රහන වාර්තා කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අවසාන තරග සදහා සුදුසුකම් ලබන ලදී.

පිරිමි අවසං මහා තරගයේදී ගුවන් හමුදා ක්‍රීඩක රොහාන් සිරිසේන විසින් වට 04 ට 01ක් ලෙස නාවික හමුදාවේ දිනේශ් දේශප්ප්‍රිය පරාජය කරන ලදී.

අපරාජිතව කාන්තා අවසන් තරගයට සුදුසුකම් ලැබු ගුවන් හමුදා ක්‍රීඩිකාව වන ඉශාරා මදුරංගි විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ එරන්දි වරුසවිතාන වට 04ට 01ක් ලෙස පරාජය කර ශූරථාවයට හිමිකම් කියන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි