සීගිරිය ගුවන් හමුදා කදවුරට වසර 26ක් සපිරේ
12:25pm on Thursday 21st April 2011
ආගමික කටයුතු වලට මුල්තැන ලබා දෙමින් විනෝද ක්‍රීඩා සමගින් සීගිරිය ගුවන් හමුදා කදවුර තම 26 වන සංවත්සරය පසුගියදා කදවුරු පරිශ්‍රයේදී සමරන ලදී.

කදවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චමින්ද ද සිල්වා පරීක්ෂණයට ලක් වූ වැඩ පෙළපාලියකින් සංවත්සර වැඩ කටයුතු ආරම්භ කරන ලදී. ඉන්පසුව සියළු පුද්ගලයින් ආගමික කටයුතු වල නියැළෙන ලදී.

පසුව වසර 26 සිහිවීම පිණිස අඹ පැළ 26ක් ද සිටුවන ලදී. ඉන්පසුව නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහතුන් ක්‍රීඩා කල ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදී. සියළු දෙනාගේ සහභගීත්වයෙන් පැවති දවල් ආහාර වේලකින් වැඩසටහන් අවසන් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි