ගුවන් හමුදාවේ ප්‍රථම පරිපාලන අධ්‍යක්ෂකවරයාගේ උපන්දින සැමරුම
2:55pm on Wednesday 27th April 2011
රාජකීය ගුවන් හමුදාව පැවති සමයේ සේවය කළ ප්‍රථම පරිපාලන අධ්‍යක්ෂකවරයා වන ගෲප් කපිතාන් පි.ජී. වල්පිට (01010) මහතා සිය 95 වන උපන් දිනය ඉතා උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී. මෙම උත්සවය ගුවන් හමුදා නිළධාරීන්ගේ භෝජනාගාරයේදී පැවැත්විණි.

විශ්‍රාමලත් ගුවන් හමුදාපති 'එයාර් චීෆ් මාර්ෂල්' පැඩි මෙන්ඩිස්, ප්‍රථම විද්‍යුත් ඉංජිනේරු අධ්‍යක්ෂ ගෲප් කපිතාන් එච්.ඒ.ඩි. රණසිංහ සහ වත්මන් පරිපාලන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් රෝහිත රණසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

ගෲප් කපිතාන් වල්පිට මහතා රාජකීය ගුවන් හමුදාවට 1952 අප්‍රේල් මස 04 වන දින සෘජු නිළධාරිවරයෙකු ලෙස බැඳුනු අතර, අවුරුදු 18ක සත්කීර්තිමත් සේවා කාලය අවසන් වීමෙන්  පසු මෙතුමා 1970දී විශ්‍රාම ලබා ගත්තේය. එසේම විශ්වවිද්‍යාල උපාධියක් (භෞතිකවිද්‍යාව) සමග ගුවන් හමුදා සේවයට එක් වූ දෙවන නිළධාරියා යන ගෞරවයද මෙතුමාට හිමි වේ.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි